
(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්‍තසිංහ)
නැගෙනහිර පළාතේ සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට (27) දිනයේ අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
නැගෙනහිර පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් දීර්ඝ කාලයක සිට මුහුණ දෙන ගැටළු වලට විසඳුම් ලබාගැනීම සඳහා නැගෙනහිර පැළාතේ ප්‍රධාන ලේකම්වරයා සමග පසුගිය ජනවාරි මස 10 වන දින පැවැති සාකච්ඡාවේ දී එලැඹි එකඟතා කඩවීම මෙම විරෝධයට හේතුවී ඇති බව එම සංගමය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සහ එහි ලේකම් සී.එස්. මුතුකුඩ යන මහත්වරුන් නිවේදනයට අත්සන් තබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටවත්ම හෙට සිට අසනීප වෙනවා කියන්න බැහැනේ... ජනතාව පත්කළ ආණ්ඩුවට හුස්මක් ගන්නවත් වෙලාවක් නොදී මුන්දැලා රට අරාජික කරන්න හදනවා. සෞඛ්‍ය හේතු මත විශ්‍රාම ගන්වන්න කටයුතු කරනවා නම් රටපෙරට ගෙනියන්න පුළුවන්...
මේ ගොල්ලෝ කොහොමත් වැඩට ආවත් නිවාඩු වගේ තමා. 99% පගාවට නීතිය හරවන අය. පගාව දුන් නැත්නම් ආයතනවලට ඇවිත් ඒ ඒ ආයතන වල කොපමණ හොඳට තිබුණත් වැරැද්දක් මවලා හරි යනවා. අත මිට මෙලෙව්වම කෙපමණ වැරදි තිබුණත් ලයිසන් එක ෂුවර්. අත්දැකීමෙන්මයි කියන්නේ. අවුරුදක් පටන් ගන්න කාලෙට මෙයාලගේ පවුල්වල බැංකු ගිනුම් චෙක් කරන්නකෝ. එතකොට මෙයලගේ අවංකකම් බලා ගන්න පුලුවන්.
සේවයෙන් ඉවත්වී සිටින එක හොඳයි, මොකද ආපන ශාලා, නගර, කළු කඩ, කාණු බෝක්කු, බැලුවාම සේවයේ තරම පේනවා. මේ අය අවදි වන්නේ ඉල්ලීම් දිනාගන්න විතරයි. ඊළඟට ඇහැරෙන්නේ ඩෙංගු කීපයක් වුණාට පසු සහ උත්සව කාලෙට පමණයි.