
(වසන්ත චන්ද්‍රපාල, රෝෂන් තුෂාර සහ සුජිත් හේවාජූලිගේ)
නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මඩකලපුව, චෙන්කලාඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් සිදුකළ පැමිණිලක්කට අනුව එම වැටලීම සිදුකළ බව අල්ලස් කොමිසමේ උසස් නිළධාරියෙක් පැවැසීය.
මඩකලපුව සතුරුකොන්ඩාල් ප්‍රදේශයේ පර්චස් 65ක ඉඩමක් රුපියල් කෝටියකට මිලදී ගැනීමෙන් පසු එහි මුද්දර ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 6ක් ගෙවූ පසු එහි තක්සේරු වටිනාකම රුපියල් කෝටි දෙකයි ලක්ෂ 65 ක් බව යළිත් පළාත් ආදායම් කාර්යාලය මඟින් දන්වා තිබේ.
ඒ අනුව, දඩ මුදලක් සමඟ රජයේ ගාස්තුව රුපියල් 850,000ක් ගෙවිය යුතු බව පවසා එම මුදල ලක්ෂ දෙකක් දක්වා අඩු කිරීම සඳහා ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව සඳහන්ය.
අදාළ මුදල මඩකලපුව නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යාලයේදී ලබාගන්නා අවස්ථාවේදී එම නියෝජ්‍ය කොමසාරිස්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ මේ මනුස්සයාට. දැන් තිබුණු අමාරුව සනීප වේවි. මේවාගේ අය ලංකාව පුරා තව ගොඩාක් ඉන්නවා. ඔය දේශීය ආදායම්, සුරා බදු, රේගුව, බන්ධනාගාරය හා පොලීසිය වගේ තැන්වල වැඩකරන අයගේ වත්කම් පිළිබඳව හරි හමන් සොයාබැලීමක් කළොත් තව ගොඩාක් විස්තර හොයාගන්න පුළුවන් වේවි.