
(අංජුල මහික වීරරත්න)
මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණූව ලබාදීම සඳහා අවශ්‍ය වන කායික රෝග සහ ශල්‍ය රෝග මහාචාර්ය ඒකක කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ හෙට (4) ආරම්‍භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන ගුණාත්මකත්වය සහ සායනික පුහුණුව වැඩිදියුණු කිරීමටත්, අනාගත වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය වෘත්තීකයන්ට උසස් අධ්‍යාපන හා පුහුණුව ලබාදීමත් මෙන් ම කළුතර ප්‍රදේශය සෞඛ්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමත් අරමුණු කර ගනිමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකක ස්ථාපනය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මේ වන විට ප්‍රසව හා නාරි රෝග මහාචාර්ය ඒකකය, ළමා රෝග මහාචාර්ය ඒකකය, මානසික රෝග මහාචාර්ය ඒකකය ස්ථාපනය කර ඇත.
හෙට ආරම්භ කිරීමට නියමිත කායික රෝග මහාචාර්ය ඒකකය සහ ශල්‍ය රෝග මහාචාර්ය ඒකකය සමඟින් වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව සඳහා අවශ්‍ය වන මහාචාර්ය ඒකක පහම කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ස්ථාපිත වෙයි.
මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයේ මේ විට වර්ෂ හතරකට අදාල වෛද්‍ය සිසුන් 400 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යයන කටයුතු වල නිරතව සිටින අතර එහි සිව්වන වසරේ අධ්‍යයන කටයුතු කරන වෛද්‍ය සිසුන් සිය දෙනකුට අවශ්‍ය වන මහාචාර්ය පුහුණුව ලබා දීමෙි කටයුතු මෙම මාසයේදීම ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි මෙම මහාචාර්ය ඒකක ස්ථාපිත කරන ලද බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නාගොඩ රෝහලට අලුත් මහාචාර්ය ඒකක දෙකක්
B.V. Priyantha Wednesday, 03 September 2025 04:19 PM
කරුණාකර අලුත් පින්තූරයක් ගන්න.