IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නාගොඩ රෝහලේ මහ වලියක්

(සුමිත් පොතුපිටිය)

නාගොඩ මහ රෝහලේ රෝගීන් බැලීමට පැමිණි පුද්ගලයන් පිරිසක් සහ රෝහලේ පෞද්ගලික ආරක්ෂක අංශ නිළධාරීන් පිරිසක් අතර අද පස්වරුවේ ඇතිවූ ගුටිබැට හුවමාරුවකින් පුද්ගලයන් දෙදෙනකු රෝහල් ගතකර ඇති බව රෝහල් කරයි.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ රෝගීන් බැලීමට පැමිණි පුද්ගලයකු සහ පෞද්ගලික ආරක්ෂක අංශ නිළධාරීයෙක් බව සදහන් වේ.

නේවාසික රෝගීයකුගේ සුවදුක් බැලීම පස් දෙනකු පමණ පැමිණ ඇති අතර, ඇතුළුවීමට යාම සම්බන්දයෙන් ඇතිවූ කතාබහක් මුල්කර ගනිමින් ප්‍රධාන දොරටුව ඉදිරිපිට ගැටුම සිදුව ඇති බව පොලිසිය කීය.

රෝගීයෙකු බැලිම සදහා පැමිණි පුද්ගලයකු අත තිබූ අවසර පත්‍රය ආරක්ෂක නිළධාරීයකු උදුරාගෙන ඇති බවත් ඉන්පසුව ඇතිවූ උණුසුම් තත්වය අතරතුර 15 දෙනකුට ආසන්න පිරිසක් අතින්, පයින්, ඉදල් වලින් සහ බට උපයෝගී කරගනිමින් ගුටිබැට හුවමාරුව සිදුව ඇති බවත් සදහන් වේ.

දෙපිරිස අතර ඇතිවූ ගුටිබැට හුවමාරුව රෝගීන් බැලිමට පැමිණි පිරිස් මෙන්ම කොළඹ මතුගම මාර්ගයේ ගමන්ගත් විශාල පිරිසක් බලාසිටි ඇති බවත් සදහන් වේ.

 



අදහස් (1)

නාගොඩ රෝහලේ මහ වලියක්

harshana Thursday, 17 August 2023 11:37 AM

නාගොඩ රෝහලේ දුර්වලයි . ගිය මාසේ මගේ අම්මා නාගොඩ රෝහලේ සැත්කමක් කරලා දින 2ක් පමණ බඩගින්නේ මගේ අම්මාට කෑම එක අරගෙන බලන්න රෝහලට ඇතුල් වීමේදී මටත් මේ අය මේ විදිහටම කැත වචන වලින් බැන බැන නැටුමක් නැටුවා.මට යන්න දුන්නේ නෑ.එදත් ගෑනු කෙනෙකුයි එයාට කත් අදින ඔය වීඩියෝ එකේ වාඩි වෙලා ඉන්න පිරිමි දෙන්නා තමයි ගොඩාක්ම දැගලුවේ.මම නම් කිව්වා මගේ ඇගට අතක් තිබ්බොත් බලාගන්න පුලුවනි කියලා.මම 119 කතා කරනවා .පුලුවන් දෙයක් කරන්න මම යනවමයි කියලා මං ගියා.රෝහල් තියෙන්නේ මහජනතාවට යන්න තමයි.ඒක උන්ගේ රෝහලක් නෙමෙයි .අනික අපි ආසාවට යන තැනක් නෙවෙයි රෝහල කියන්නේ .අනික මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් තමයි රෝහල් නඩත්තු වෙන්නේ.තමන්ගේ කෙනෙක් රෝහල් ගත කරලා කියන්නේම කරදර අවස්තාවක් ,

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site