(නිමල කොඩිතුවක්කු)
බස් රථ ධාවනයට ප්‍රමාණවත් පරිදි ඩීසල් ලබා දෙන්නැයි ඉල්ලමින් නුගේගොඩ බස් නැවතුම්පොලේන් ගමන් ආරම්භ කෙරෙන පෞද්ගලික බස් රථ අද (26) සිට වර්ජනයක් ආරම්භ කරනු ලැබීය.
ඒ අනුව නුගේගොඩින් ගමන් ආරම්භ කෙරෙන මාර්ග අංක 168, 119, 117, 176, 183, 259, 689 යන මාර්ග යටතේ ධාවනය කෙරෙන සියලුම බස් රථ මෙලෙස ධාවනයෙන් ඉවත් වනු ලැබීය.
එමෙන්ම ඉන්ධන හිඟය සහ ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොලැබීම හේතුවෙන් බොහෝ මාර්ග වල බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.
පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දුන්නත් බස් රථ ධාවනයට එය ප්‍රමාණවත් නොවන බවත් ඔහු සඳහන් කළේය.
ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබා දීමට පියවර නොගතහොත් මේ සතියේ සිට සියලුම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වන බවත් ඔහු තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd