(ප්‍රියානි මංගලිකා)
කොටවෙහෙර නිකවැරටියේදී බාලවයස්කාර දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි ග්‍රාම නිලධාරීනිය සහ දැරියගේ සුළු මව පෙබරවාරි 13 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නිකවැරටිය මහේස්ත්‍රාත් සසිකා ලක්මාලි දසනායක මහත්මිය අද (30) නියෝග කළාය.
දැරියගේ පියා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර බාරයට පත්කෙරුණේ කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචි ග්‍රාම නිලධාරිනිය වන ආර්.එම්.නිල්මිණි රත්න කුමාරි සහ ඇගේ සහෝදරිය මෙන්ම දැරියගේ සුළු මව වන ආර්.එම් .මානෙල් රත්න කුමාරි යන දෙදෙනාය.
රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදාහරිනු ලැබුයේ, මීරිගම පදිංචි ජමාල්ඩීන් අබ්දුල් මොහොමඩ් රොෂාන් නැමැත්තෙකි.
දහතුන් වියැති බාලවයස් දැරියට අමානුෂික ලෙස පහර දුන් බවට සැකකාරියන් දෙදෙනා සහ සැකකරු කොටවෙහෙර අලුත්ගම ප්‍රදේශයේදී පසුගිය 3 අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු අද දක්වා බන්ධනාගාර ගතකරන ලෙස නියම කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සනීපද?