
(ප්‍රියාණි මංගලිකා නිකවැරටිය)
මහව රෝහලෙන් වාර්ථා වූ කොරෝනා ආසාධිතයන් දෙදෙනා පැමිණීම හේතුවෙන් නිකවැරටිය තැපැල් කාර්යාලය අද (17) දහවල් වසා දැමීමට එහි පාලන අධිකාරිය සහ සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
මෙම ආසාධිතයන් දෙදෙනා කුරුණෑගල තැපැල් නිලධාරීන් වන අතර පෙර දින නිකවැරටිය තැපැල් කාර්යාලයට පරීක්ෂණ කටයුත්තන් සඳහා පැමිණ ඇත.
නිකවැරටිය තැපැල් කාර්යාලයේ 30 දෙනෙකු පමණ සේවක පිරිසක් රාජකාරි කෙරෙන අතර ආශ්‍රිතයන් කවුරුන්ද යන්න පිළිබඳව හඳුනා ගැනීමට මේ වන විට පරීක්ෂණ අරඹා ඇති බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
තැපැල් කාර්යාලය වසා දැමීම හේතුවෙන් විවිධ කාර්යන් සඳහා පැමිණි විශාල පිරිසක්ද අපහසුවට පත්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd