(නිමන්ති රණසිංහ)
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිසා කැස්බෑවුන් 176 දෙනකු, තල්මසුන් 04 දෙනකු සහ ඩොල්ෆින් මාළුන් 20 දෙනකු මියගොස් ඇති බව නිතිපතිවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ අද දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව දිවයිනේ අධිකරණ 26කට කරුණු ඉදිරිපත් කරනු ලැබ ඇති බවත් විශ්ලේෂණ වාර්තා කැදවීම සදහා රස පරීක්ෂකවරයා වෙත අදාළ වාර්තා යොමු කර ඇති බවත් නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
එසේම අවශ්‍ය වුවහොත් ඒ සම්බන්ධයෙන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ වුවද කරුණු වාර්තා කළ හැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තමය හොදටම කලේ
ඔය 200 ඇහැට පෙනෙන විශාල ජීවීන්.. එතකොට කුඩා ජීවීන්, කොරල්පර, මුහුදුපර වගේ දේවල් කොච්චර විනාශ වෙලා ඇද්ද?
මියයන සතුන්ගෙන් 10%ක් පමණයි ගොඩබිමට එන්නේ කියලත් එක්කෙනෙක් කිව්වා...!!!
මේ සත්තු මැරෙන්නේ වාරකන් නිසා කියපු අය මොකද කතා නැත්තේ?