(ඉන්දික අරුණ කුමාර)
දුම්බර වන පෙතේ ශාකගහනය වර්ධනය කිරීමේ අරමුණින් මෙරට අධි සංවේදී පරිසර පද්ධතියක් වන නකල්ස් රක්ෂිතයේ හිස් භූමි ප්‍රදේශවල පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ‘දුම්බර මිතුරෝ’ පරිසර සංවිධානය විසින් ආරම්භ කර ඇත.
මෙම ව්‍යාපෘතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය මත සිදුකෙරේ.
පාසල්, ස්වෙච්ඡා සංවිධාන, රාජ්‍ය ආයතනවලට මෙන්ම කණ්ඩායම් වශයෙන් හෝ කේවල වශයෙන් පරිසර හිතැත්තන්ට මෙම කටයුත්තට දායක විය හැකිය.
ඒ සඳහා [email protected] ඊමේල් ලිපිනය මගින් තොරතුරු ලබාගත හැකි බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානය කියා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගත පරපුර වෙනුවෙන් කෙරෙන බොහොම හොද සත්ක්රියාවක්. සියල්ලෝටම සුබ පැතුම්...
මධ්‍යම කඳුකරයේ තෙත් වනාන්තර අපේ රටේ හදවතයි. ශ්‍රීපාද රක්ෂිතය, සිංහරාජය, නකල්ස් හෝර්ටන් තැන්න පණ මෙන් සුරැකිය යුතුවේ. විල්පත්තුව, සෝමාවතිය ගැන දෙවනුව සිතමු. මේ වටිනා ක්‍රියාවට සහයෝගය දක්වමු.
වටිනාම දෙයක්. සුබ පැතුම්.
කැලේ ගස්ටික කපලා කියක් හරි හොයා ගන්න ඉන්න අයට මේ පුවත වහ කඳුරු වෙයි වගේ.
ගස් හිටවන්නේ අපි. කපා ප්‍රයෝජනයට ගන්නේ දේශපාලුවෝ.
ඔව් උන්ට කපාගන්න අපි හිටවන්න ඕනේ.
ඉතා අගය කලයුතු කටයුත්තක්, මෙම කටයුත්ත ඉතා සාර්ථකව ඉටු කිරීමට හැකි වේවා . රට තුල මෙවන් කටයුතු තව තවත් වර්ධනය වේවා.
ඉතා හොඳ ව්‍යාපෘතියක්. අද සිදුවිය යුතු දේ නම්, මධ්‍යම කඳුකරයේ වනාන්තර ව්‍යාප්ත කොට කඳුකරයේ ජලපෝෂක රැක ගැනීමයි. එසේ කළහොත් රජරට ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා වසර පුරා ජලය ලැබෙනු ඇත. සමහරෙක් දරන මතයක් නම් සුද්දන් තේ වගාව කල ඉඩම් වල නැවත වනාන්තර ඇති කිරීමයි. නමුත්, අද තේ අපනයන රටේ ප්‍රධාන අදායම් මාර්ගයක් බැවින්, අවාසනාවකට එවැනි දෙයක් කල නොහැකියි.
ඉතාලියේ ශ්‍රි ලාංකිකයිනි මෙන්න කරනවානම් වැඩක්.
ඉතා හොඳයි. සාර්ථක වේවායි සුභ පතමු.
කෝ මේ බමුණු ? මෙහෙම හොඳ දෙයකට සතුටු වෙන්න නිකමටවත් පාඨක සභාවේ පෙනී සිටින්නේ නැහැ. ජාති භේද වපුරුවන්නයි මැදමුලන කුණු අදින්නයි එක පයින් !
ඒ වගේම සියලුම නගරවල මංමාවත් දෙපස ක්‍රමානුකුලව පැල සිටුවන්නේනම් හොදයි නේද ? මේකට නගර සභාව මුලිකත්වය ගත යුතුයි. වැඩිය ලොකුවෙන ගස් නොවෙයි කුඩා ගස් වර්ග විදුලි කියත් වලින් අතු කපල හැඩ ගන්වන්න පුළුවන්. එහෙම කලාම අවුරුද්දක් දෙකක් යනවිට දැන් කාන්තාර වගේ තියන නගරවල හොද පරිසරයක් ඇතිවේවි. ජනගහනය වැඩි වෙනකොට කැලෑ ටික ටික එළිවෙන එක නවත්වන්න අමාරුයි.