
(අංජුල මහික වීරරත්න)
බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
සාමාන්‍යයෙන් දාහක පිරිසක් තබා ගත හැකි තැන්වල පන්දාහකට අධික පිරිසක් තබාගෙන සිටින බවත්, බන්ධනාගාර ඇතුලත තත්ත්වය බෙහෙවින් නරක බවත් රණවක මහතා කීය.
කොළඹ සහ මැගසින් බන්ධනාගාරවල නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අය පුනරුත්ථාපනය කිරීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුනරුත්ථාපනය කළාට පසුව අපේ ගමට ආපු මත්ද්‍රව්‍යට ඇබ්බැහිව සිටි දෙදෙනකු ආපසු ආපු දා සිටම පොල්, කෙසෙල් වගාබිම් සූරාකෑම පටන්ගත්තා. කුඩු මිලට ගන්න.. මේ පුනරුත්ථාපනය කිරීම කිසිම ඵලක් නැති වැඩක් වගේ. අපිව මිනීමරුවන් කරවන තත්ත්වයක් නිර්මාණය වෙලා. ගොවීන්ගේ මහන්සිය ජීවනෝපාය කොල්ලකෑම...
කලින් ඔය මොලේ පහල උනේ නැතිද ?
මේයාගේ ගෙදර කිහිපදෙනෙක් වත් නවත්තගෙන පුනුරුත්තාපනය කරන්න බැරිද ඔය ඈක්සිඩන්ට් ඩ්‍රයිවරලා වගේ ?