
(ගයාන් සූරියආරච්චි)
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට මේ මස 20 වැනිදා සිට මැයි මස 20 වැනිදා දක්වා පොදු සමා කාලයක් ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව එම පොදු සමා කාලය ඇතුළත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට සේවය හැරගිය සාමාජිකයන්ට අවස්ථාව උදාවේ.
පොදු සමා කාලය තුළ සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් තම හමුදා මූලස්ථානය වෙත පැමිණ නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට හැකියාව තිබේ.
යම් පුද්ගලයෙකු විසින් කිසියම් මුදලක් හමුදාවට අය විය යුතුව තිබේ නම් එම මුදල් අයකර ගැනීම ද මෙහිදී සිදුකෙරෙයි.
මෙම සමා කාලය අප්‍රේල් මස 02 වන දිනට පෙර නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අය සඳහා පමණක් අදාළ වන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමදාවලට බැදලා ඉතාමත් ඉක්මනින් සේවය හැරයාම වෙනවා එහෙම ගියපු අය ඊළඟට සමාජයට ද්‍රෝහියෙක් වෙන්න පුළුවන් .එනිසා පොදු සමාන නොවෙයි ඒ ආකාරයට හමුදාව හැරයාම වෙන්නෙ ඇයි කියලා විමර්ශනය කර බදවා ගැනීම විධිමත් කලොත් නරකද