
රංජන් කස්තුරි
එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු එරට සමාජ සේවා කටයුතු කරන පිරිසක් එක්ව පිහිටුවාගෙන ඇති ‘‘සිල්වියා ලංකා පදනම’’ මගින් මෙරටට පරිත්‍යාග කළ ඇමරිකානු ඩොලර් කෝටි 12 ක් පමණ වටිනා (රුපියල් කෝටි 300 කට අධික) නවීන පන්නයේ වෛද්‍ය උපකරණ තොගයක් බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් අහිමිවීමේ අවදානමක් මතුව ඇත.
ශ්‍රී ලංකාවට නොමිලේ ලැබෙන කන්ටේනර් සියයකින් යුත් මෙම භාණ්ඩ තොගය මෙරටට ගෙන්වා ගැනීම ආර්ථික දුෂ්කරතා පවතින මෙවන් අවධියක ඉතා අත්‍යවශ්‍ය බව ද රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂ රජවැල්ලේ සුභූති හිමියෝ පැවසූහ.
එංගලන්තයේ සිල්වියා ලංකා පදනම ලබාදෙන මෙම නවීණ පන්නයේ වෛද්‍ය උපකරණ ඇතුළු උපකරණ තොගයට දැඩි සත්කාරක ඇඳන් 2500 ක් රෝහල් ඇඳන් 3500ක් සේලයින් ස්ටෑන්ඩ් 12000 ක්, ඖෂධ ගබඩාකර තබන ශීතකරණ 400ක් ඇතුළු භාණ්ඩ තොගයක් අයත් වන බව ද සුභූති හිමියෝ කීහ.
යාපනය රෝහලේ මහාචාර්ය ඒකකයටත් කරාපිටියේ ඉදිකර ඇති නව රෝහල් ගොඩනැගිල්ලටත් උපකරණ අවශ්‍යව තිබෙන අතර, කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශයේ උපකරණ හිඟය නිසා එය තවමත් විවෘත කිරීමට නොහැකිව තිබෙන බව ද උන්වහන්සේ කීහ.
මීට අමතරව, දිවයිනපුරා ග්‍රාමීය රෝහල් බොහොමයකම වෛද්‍ය උපකරණ හා රෝහල් උපකරණවල දැඩි හිඟයක් පවතින බව ද සුභූති හිමියෝ පැවසූහ.
මෙම වෛද්‍ය උපකරණ ගෙන්වා ගැනීමට රජයට යම් මුදලක් වැයවන නමුත් ලැබෙන අතිනවීන වෛද්‍ය උපකරණ තොගයේ වටිනාකම ඊට වඩා අතිවිශාල බව ද උන්වහන්සේ පැවසූහ.
මෙම වටිනා වෛද්‍ය උපකරණ සහ භාණ්ඩ තොගය මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි සති තුනක පමණ කාලයක සිට රජයේ වගකිවයුත්තන්ට දැනුම් දී ඇතත් ඊට යහපත් ප්‍රතිචාරයක් නැතැයි පැවසූ සුභූති හිමියෝ තවත් සති දෙකක් ඇතුළත එම භාණ්ඩ ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නොකළහොත් එම විශාල පරිත්‍යාගය රටට අහිමිවනු ඇතැයි ද කීහ.
මෙම භාණ්ඩ තොගය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජයට වැයවන ප්‍රවාහන වියදම රුපියල් කෝටියක් පමණ වන නමුත්, මෙම උපකරණවල වටිනාකම රුපියල් කෝටි 300කට වැඩි බව ද රජවැල්ලේ සුභූති හිමියෝ කීහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා අරන් බෑනෙ, එතකොට කොමිස් හම්බෙන් නෑනෙ
දැනට ලංකාවේ තියෙන දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව 1000 ට අඩුයි. පරිත්‍යාග කරලා තියෙන එම ඇඳන් සංඛ්‍යාව ස්ථාපිත කිරීමට අලුතෙන් දැඩිසත්කාර ඒකක 200 වත් හදන්න වෙනවා. ඒ සඳහා වන වියදම රුපියල් කෝටි 400 ට වැඩියි. ඒ සඳහා කාර්ය මණ්ඩලය ට වෛද්‍යවරු 1200 හෙදියන් 3000 අවශ්‍යය වෙනවා.
කොමිස් නැද්ද?
මේ පදනම ලංකාව ගැන දන්නේ මොනවාද ? ඔය උපකරණ තොගය කෝටි 500 කවුරුහරි ගෙවලා ලංකාවටම ගෙනාවත් ඒවා බෙදන්න දෙන්නේ නෑ. හේතුව ඉන්පසු ටෙන්ඩර් කැදවා විදේශ සමාගම් වලින් මේවා ගන්නලා කොමිස් ගසා ගන්නට ඇති මාර්ග ඇහිරෙනවා.කලකට පෙර නොමිලේ බෙදන්න මම කන්නාඩි කුට්ටම් 250 ක් ගෙනල්ලා නිදහස් කරගන්න නොහැකිව අමාරුවේ වැටුනා.වෛද්‍ය උපකරණ ගෙන්වනවා කියන්නේ මාෆියාවක්. දේශපාලකයින් සහ වෙළද මාෆියාව තමනට කෝටි ගණන් හම්බකරන්න තියන දේවල් පරිත්‍යාග කරන්නට ඉඩ දෙන්නේ නෑ.
ඕවා ලංකාවට ගෙනාවොත් ඒවාට සම්බන්ධ වෙන නිලධාරීන් ට කොමිස් එකක් ලැබෙන්නේ නැත්නම් කොච්චර වටිනවා උනත්...... චීනෙන් පොහොර නැව ගෙන්නන්න තිබුන හදිසිය මේවට නෑ. මේ ශ්‍රීලංකාව අපේ හාමුදුරුවනේ.
කොමිස් නැත්නම් වැඩක් තියනවද අපේ හාමුදුරුවනේ
මේ පදනමෙන් තෑග්ගක් දුන්නොත් ලංකාවට බාර දෙනවා. භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සඳහා රජය හෝ වෙනත් අයෙකු පරිත්‍යාග කළ යුත්තේ ඇයි? කිසියම් පදනමක් තෑගි කරන්නේ නම් එයට රටට භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඇතුළත් විය හැකිය. සමහරවිට මොකක් හරි වැරදීමක් වෙන්න ඇති
අලිය දෙන්න පුළුවන් හෙන්ඩුව තමයි දෙන්න බැරි. මොනවද මේ විහිළු. කෝටි 300ක් දෙන අයට තව කෝටියක් දාල ඔය ටික ලංකාවට එවන්න බැරිද?
අදාළ නිලධාරීන්ට 10% නැද්ද?
මැටි මෝල්ලුන්ව මැති ඇමතිලා කරගත්තම ඔහොම තමයි
ලොකු කමිෂන් එකක් ලැබෙනවා නම් ඇමතිතුමා සහ නිලධාරීන් උනන්දුවෙයි
මේ සදහා ප්‍රතිචාරයක් නොදක්වන්නේ යමෙක්ද ඔහු හෝ ඇය රටේ විනාශය ප්‍රාර්ථනා කරන අතර විශාල කොමිස් කුට්ටියක් බලාපොරොත්තුව සිටින එවුන්ට කාළකන්ණි ලංකාපාලුවො කියලා කියන්න පුළුවන් කාලෙකට පෙර අපේ මුස්ලිම් සහෝදරයෙක් රටට අවශ්‍ය යන්ත්‍රයක් ගෙන්වීම සදහා ජනතජනතාවගෙන් මුදල් පරිත්‍යාග එකතුකර රජයට දුන්නා ඒක ගෙනාවද කියලා අහන්නත් වෙනවා තොරතුරු දැනගැනීමේ පනත යටතේ බාධා කරන්නෙ කවුද කියලා කියන්න බැරිද
ජරාව නැතිව ඉහල රාජ්‍ය නිලධාරීන්ට කිසිම දෙයකට මොලේ ක්‍රියාත්මක වෙන්නේ නැත. අඩුම තරමේ පරීක්ෂණ චාරිකාවක්වත් ඕන.
තොගය ආවොත් , කොමිස් තියාගෙන ඒවා ගන්න උන්ට කොමිස් කොහෙන්ද ..........
මම හිතන්නෙ ඔක යන්නෙ යාපනයට එකයි වැඩේ..එකනෙ අර සෞදි රජයන් හදපු සුනාමි ගෙවල් 500ක් තාම කාටත් දෙන්ඩ බැරිවෙලා තිෙයන්නෙ..අපේ අයගෙ කාලකන්නි කමට මෙහම වෙලා මදි.
ඡන්දෙන් පරද්දලා ගෙදර යවපු කෙනෙක් පාලනය කරන රටකින් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද.?
එකතු කරපු ආධාරය එවන්න වැයවන වියදම ගැන සැළකිලිමත් වෙලා නෑ. කියන්නේම කොතන හෝ කොස්සක් ඇති බවනේ. කහ වස්ත්‍රයක් ගෑවිලා නං අසූචි ගොඩක් වීමේ සම්භාවිතාවය වැඩී. භාවිතා කරලා අයින් කරන ඒ්වා නේද? නවීන පන්නයේ කීවාට අළුත් ඒ්වා කියා කොහේවත් ලියා නෑ.