(ඉන්දික අරුණ කුමාර)
වැලි මැක්කාගේ දෂ්ඨ කිරිමේ හේතුවෙන් ලිශ්මනයිසීස් රෝගය වැලදුනු රෝගීන් නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් රැසකින් වාර්තා වන බව නාඋල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි.
මාතලේ හා දඹුල්ල මුලික රෝහල් මගින් රෝගය සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාගත් හා ලබාගන්නා පිරිස් සම්බන්ධයෙන් කල සොයා බැලිමේ දී මෙම තොරතුරු අනාවරණය විය.
නාඋල - නාලන්ද,උඩුදෙනිය,නාඋල නගරය ආශ්‍රිත කලාපය සහ සේනාගම ගම්මානය ආදී ප්‍රදේශ පිරිස් ලිශ්මනයිසීස් රෝගය සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත.
සමේ වේදනා ඇති නොවන තුවාල ගනන්නොගෙන සිටිම ආදී හේතුන් නිසා බොහෝ රෝගීන්ගේ වැඩි තුවාල ප්‍රමාණයක් හෝ වර්ධනය වු තුවාල මෙම රෝගයේ දී දක්නට ලැබෙන බව මේ සම්බන්ධයෙන් කල විමසීමක දී නාඋල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ වෛද්‍ය විජිත ඒකනායක මහතා කියා සිටියේය.
ජිවත්වන නිවෙස් අවට පරිසරය පිරිසිදුව තබාගැනීම,රෝගී තත්ත්වයන් දුටු සැනින් ප්‍රතිකාර ලබාගැනීම සහ අවට පරිසරය සම්බන්ධයෙන් වඩා විමසිලිමත්ව කටයුතු කිරිම මහජනයා විසින් සිදුකිරිම මගින් මෙම රෝගි තත්ත්වයෙන් ආරක්ෂා විය හැකි බව ද වෛද්‍ය විජිත ඒකනායක මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd