
(අංජුල මහික වීරරත්න)
මැල්සිරිපුර - පන්සියගම, නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් අපවත් වූ භික්‍ෂූන් වහන්සේලාට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අද (26) සවස අවසන් ගෞරව දැක්වීය.
නා උයන ආරණ්‍ය සේනාසනාධිපති අඟුල්ගමුවේ අරියනන්ද හිමි මුණගැසුණු වජිර අබේවර්ධන මහතා හිටපු උන්වහන්සේට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝක ප්‍රකාශයද පිළිගැන්වීය.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් සම්බන්ධ වෙමින් නා උයන ආරණ්‍ය සේනාසනාධිපති හිමියන්ට ශෝකය පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කනගාටුදායක සිදුවීමක්. මින් මතු මෙවැනි දෙයක් අසීමට නොම වේවා. දකින්නට සිදුනොවේවා... උන්වහන්සේලාගේ උතුම් බලාපොරොත්තු සපළවේවා.
මෙන්න News, රටේ ජනතාවට සෑහෙන්න වැදගත්...
රජයෙන් කිසිම නියෝජිතයෙක් නැහැ, කිසිම ආකාරයක ශෝක පණිවුඩයක්වත් නැහැ, ඒ මොකද ඒ? භික්ෂූන් වහන්සේ හත්නමක් එකතැන අපවත්වුනු ඛෙදවාචකයක සියළුම ආගමික ආයතන ශෝකය ප්‍රකාශ කරලා තියෙද්දිත් රජයෙන් කිසිම පණිවුඩයක් නැහැ.
ඔයා මෙතැන වැලලෙන්නේ නැතිව නා උයනට ගිහිල්ලා ආදාහන කටයුතුවලට උදව්වෙයන්. විෂය භාර ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කරන ටික කීවානේ...