(විමුක්ති එස් රුද්‍රිගු)

එක්සත් රාජධානිය, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හරහා බ්‍රිතාන්‍ය පවුම් 880,000 ක් මුදලක් ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාවගේ ආහාර සුරක්ෂිතතාව නගා සිටුවීම සඳහා ප්‍රදානය කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය නිවේදනය කළාය.

තංගල්ල, මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, පුත්තලම, හලාවත සහ මන්නාරම ප්‍රදේශයන්හි සිටින අවදානමට ලක්වූ ධීවරයන්ගේ ආහාර සුරක්ෂිතතාව නගා සිටුවීම සඳහා මෙම ප්‍රදානය යොදා ගැනෙනු ඇතැයි සාරා හල්ටන් මහත්මිය පෙන්වා දුන්නාය.