IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ධීවරයෙක් කිඹුලාට බිලි

(චන්ද්‍රසේන ගමගේ )

බදගිරිය වැවේ විසි දැල් භාවිතා කරමින් මසුන් මරමින් සිටි ධිවරයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබූ බව හම්බන්තොට පොලීසිය පවසයි.

මාළු දැළක පැටලී තිබී ධීවරයාගේ සිරුරු ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන තිබුණු අතර ඒ වෙන විටත් කිඹුලා විසින් ධීවරයාගේ පාදයකින් කොටසක් ගිල දමා තිබුණු බව ප්‍රදේශවාසීහු පැවසූහ.

කිඹුල් ප්‍රහාරයට ලක්ව මිය ගොස් තිබුණේ බදගිරියේ පදිංචිව සිටි ජයවර්ධන ආරච්චිගේ ලහිරු සම්පත් නම් 32 වැනි වියේ පසු වූ එක්දරු පියෙකි.

ඔහු පසු ගිය 15 දින බදගිරිය වැවේ කුඹුලන් බහුලව වෙසෙන ප්‍රදේශයක තහනම් දැලක් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටියදී කිඹුල් ප්‍රහාරයට ලක්ව තිබේ.ධීවරයා නිවසට නොපැමිණීම නිසා පසු ගිය 17 වැනි දින ඔහු ගැන ප්‍රදේශවාසීන් විසින් සොයමින් සිටියදි ධීවරයාගේ සිරුර හමුවී  තිබේ.

 

 



අදහස් (0)

ධීවරයෙක් කිඹුලාට බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site