(අම්බලන්තොට සනත් ගමගේ)

හම්බන්තොට ධීවර වරායේ වෙරළ ආරක්ෂක නිලධාරීන් සමග ධිවරයන් පිරිසක්  ඇතිකරගත් ගැටුමකින් දෙපාර්ශවයේ දෙදෙනකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව හම්බන්තොට පොලීසිය කියයි.

නොසන්සුන්කාරී ලෙස හැසිරීමෙන් වෙරළාරක්ෂක නිලධාරීන්ට පහරදීමක් සිදුකළ හැකි හෙයින් තත්ත්වය පාලනය කිරීම සඳහා වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින්බිමට වෙඩි දෙකක් තබා ඇති බව පොලිසිය කියයි.

වෙඩි වැදීමෙන් කිසිවකුටත් තුවාල සිදු වී නොමැති බවදපොලීසිය කියයි.

හම්බන්තොට ධීවර වරායෙන් මුහුදුගිය ඩිංගි බෝට්ටු වක් සහ බහුදින ධීවර යාත්‍රාවක් මුහුදේ දී ගැටී ඇති අතර ඒ සම්බන්ධව දෙපාර්ශවයේම ධීවරයන් වෙරළ ආරක්ෂක නිලධාරීන්ට පැමිණිලි කර තිබූ අතර එය සමතයකට පත් ඇත. 

අනතුරුව ධීවර කාර්මිකයින් පිරිසක් වෙරළ ආරක්ෂක නිලධාරීන් සමග ආරවුලක් ඇතිකර ගැනීම හේතුවෙන් මෙම මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වී තිබෙන බවද සඳහන් වේ.