( පාලිත ආරියවංශ )
කොස්ලන්ද මහලන්ද අළුත්වෙල ප්‍රදේශයේ පිහිටි ජලාශයක මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඇදගෙන ගොස් ඇතැයි කොස්ලන්ද පොලිසිය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ සුරංග නමින් හඳුන්වන වෙහෙරයාය ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි ධිවර කාර්මික යෙකු බව පොලිසිය සඳහන්කළේය .
ඔහු මිතුරෙකු සමග උමාඔය ව්‍යාපෘතිය යටතේ ඉඳිකරමින් පවතින අළුත්වෙල කුඩාඔය ජලාශයේ මසුන් ඇල්ලීම සඳහා ගොස් ඔවුන් ගමන්කළ ඔරුව ජලාශයේ නතර කර දැල එළමින් සිටියදී කිඹුලෙකු විසින් ඔහු ඩැහැගෙන ගියේ යැයි මිතුරා විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd