(පද්මසිරි ගාර්දියවසම්)

තංගල්ල උණාකූරුව ඔරු තොටුපොළින් මුහුදු ගිය ධීවරයකු සැඩ රළ පහරට හසුව ඔරුව පෙරළී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල , උණාකූරුව ,කැටකාලවත්තේ  එදිරිවීර පටබැදිගේ නිහාල් නමැති 57 හැවිරිදි විවාහකයෙකි .

ඔහු ඉකුත් 09 වෙනිදා අලුයම 5.30 ට පමණ තනිවම ඔරුවක නැගී මුහුදු ගොස් ඇති අතර සවස් වෙනතුරු නැවත නොපැමිණීම නිසා සොයා බැලීමේදී ඔහු පැදගිය ඔරුව පමණක් කුඩාවැල්ල වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී හමුවී ඇත .

පසුව ධීවරයාගේ මළසිරුර නිල්වැල්ල දූවගාව වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගත් බව පොලිසිය පැවසීය .