IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ධීවරයෝ 7ක් පෝරකයට

(මනෝප්‍රිය ගුණසේකර)

ධීවරයින් තිදෙනෙකු ඝාතනය කර ධීවර යාත්‍රාවක් පැහැරගැනීමේ චෝදනනාවන්ට වරදකරුවන් වු ධීවරයින් හත්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මරණ දඬුවම නියම කළේය.

තවත් අධිචෝදනා 6කට වරදකරුවන් කළ විත්තිකරවන්ට බරපතළ වැඩ සහිත වසර 29ක සිරදඬුවම්ද රුපියල් මිලියන 2ක බැගින් වූ දඩද ගෙවීමට ද නියම කළ විනිසුරුවරයා එම සිරදඬුවම් එකවර ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.

2012 ඔක්තෙතා්ම්බර් 15 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර රැකියාවක නිරත වූ පුද්ගලයින් රැගත් ‘තේජාන්‘ නැමති ධීවර යාත්‍රාව පැහැරගෙන එහි සිටි ධීවරයින් තිදෙනෙකු ඝාතනය කර තවත් ධීවරයින් දෙදෙනකුට බරපතළ තුවාල කර මුහුදට දමා බෝට්ටුව පැහැරගෙන ඕස්ටේ්‍රලියාවට යෑම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබිණී.

විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබු අතර නඩු විභාගය අතරතුර විත්තිකරුවන් තිදෙනෙකු මියයෑම නිසා ඔවුන් නොමැතිව විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව නඩුව විභාග කළ අතර නඩු විභායෙදී ඉන් විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් ඔවුන් වරදකරුවන් කළ අතර නඩුවේ 10 වැනි විත්තිකාරියට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කරමින් ඇය නිදොස් කර නිදහස් කළාය.



අදහස් (0)

ධීවරයෝ 7ක් පෝරකයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 131 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site