IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ධීවර ලේකම් බංගලාවේ සියලු සේසතටම සුද්දෙ දීලා



(සුජිත් හේවාජුලිගේ )

ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයාට වෙන්කර තිබූ නාරාහෙන්පිට  මුහන්දිරම්  ඊබී දාබරේ මාවතේ  නිල නිවසේ දොර ජනෙල් අගුළු සහ  සවිකිරීම් සියල්ල   ගලවාගෙන ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මෙම භාණ්ඩ ගලවාගෙන යාමෙන් රජයට  ලක්ෂ විස්සකට ආසන්න පාඩුවක් සිදුව ඇති බවත් එම පාඩුව වගකිව යුතු පාර්ශ්වයන්ගෙන්  අයකර ගැනීමට මෙතෙක් කටයුතු කර නැති බවත් එම වාර්තාවේ දැක්වේ.

මෙසේ ගලවාගෙන ගොස් ඇතැයි පැවසෙන්නේ ධීවර අමාත්‍යාංශයේ භාණ්ඩ ලේඛනයෙන්  ලබාදී තිබූ තිබුණු සියලුම භාණ්ඩය.

පසුගිය වසරේ වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ වාර්තා මේ පිළිබඳව විගණනයට  කරුණු වාර්තා කර තිබිණි.

මේ තොරතුරු සඳහන් වන්නේ  පාර්ලිමේන්තුවට පසුගිය සතියේ  ඉදිරිපත් කෙරුණු ධීවර අමාත්‍යාංශයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

 

 



අදහස් (0)

ධීවර ලේකම් බංගලාවේ සියලු සේසතටම සුද්දෙ දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site