IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ධම්මික පෙරේරාගේ පත්වීමට එරෙහිව පෙත්සමක්

(රංජන් කටුගම්පොළ සහ නිමන්ති රණසිංහ)

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මූලික අයිතිවාසියකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨධිකරණයේ ගොනුකරනු ලැබ ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති.

එම පෙත්සමේ මෙසේ සඳහන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වූ අවස්ථාවේදී එම පුරප්පාඩුවට පත්කළ යුතු පුද්ගලයකු ඊට හිමිකම් ලබන්නේ අදාල දේශපාලන පක්‍ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වූවකු හෝ නාමයෝජනා ඉදිපත්කළ අයකු හෝ ජාතික ලැයිස්තුවේ නම සඳහන් වූවෙකු පමණක්ය.

ඒ අනුව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉහත සඳහන් කිසිඳු ලැයිස්තුවක නම සඳහන් වූවෙකු නොවේ. ඒ අනුව ඒ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) වගන්තිය යටතේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නොසුදුසුක් වේ.

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විවිධ ක්ෂේත්‍රයන් යටතේ ව්‍යාපාර ගණනාවක හිමිකරුවෙකි. යම් හෙයකින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හෝ අමාත්‍ය ධූරයක් දැරුවහොත් පක්‍ෂග්‍රාහි සහ උනන්දුව පිළිබඳ ගැටුම්කාරී තත්වයක් ඇතිවිය හැක.

මෙවැනි ආයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) (ඊ) වගන්තිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුස්සෙක් වේ. ඒ අනුව ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වශයෙන් පත්කිරීම නීතියට පටහැනි වේ, වේ ව්‍යවස්ථාවට පටහැනි වේ.

මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙසත්, මූලික අයිතිවාසිකම් කඩවී ඇත බව ප්‍රකාශ කරන ලෙස, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

 



අදහස් (11)

ධම්මික පෙරේරාගේ පත්වීමට එරෙහිව පෙත්සමක්

සිල්වා Thursday, 16 June 2022 12:05 AM

ඔය තර්කය නීත්‍යානුකූල වෙන්න පුළුවන්. ඒත් බැසිල් ආවෙත් ඔය විදිහටමයි, ඡන්දය ඉල්ලුවේත් නෑ වගේම ජාතික ලැයිස්තුවක් තුළ හිටියේත් නෑ. ඒ වෙලාවෙත් මේ අය පෙත්සම් දැම්මද? අනික 2015 සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයේ සහ සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හැටියට රනිල් පත් කෙරුවේ ඔවුන් එක්ක ඡන්දය ඉල්ලලා නෙවෙයි. ෆොන්සේකා වෙනත් පක්ෂයකින් ඡන්දය ඉල්ලලා පැරදිලා හිටියේ. ව්‍යාපාර ගැන නම් කතා කරන්න එපා. වර්තමාන සහ අතීත පාර්ලිමේන්තුවල අනන්තවත් ව්‍යාපාරික මන්ත්‍රිලා ඉන්නවා සහ හිටිනවා.

:       0       0

Asela Thursday, 16 June 2022 06:24 AM

එයයි විය යුත්තේ. ගෝඨාභය රාජපක්ෂට මොලේ කලදක් හෝ තියෙනවා නම් ව්‍යවස්ථාවට පටහැනිව මෙවැනි පත්කිරීම් නොකලයුතුයි. රටේ ප්‍රශ්න තව තවත් උග්‍ර වීමට මෙයත් හේතුවක් වන්නට පුලුවන්.

:       4       13

Rohana Thursday, 16 June 2022 07:13 AM

1978 ජේ ආර් ගේ රටම කනපිට පෙරලූ ව්‍යවස්ථාවෙ හැටි මෙහෙම තමයි. කැමති කෙනක් මැතිවරණ ලැයිස්තුවක නැතත් පත්කරගන්න පුළුවන්. සෑම ප්‍රශ්ණයකටම නීතියේ පිලිසරණ පතන්නවෙලා.

:       4       9

ඩී. දම්බරගේ Thursday, 16 June 2022 09:16 AM

ජාතික ලැයිස්තුව තියෙන්නේ කුණු මගඩීන්ව පාර්ලිමෙන්තු යවන්න නෙමෙයි. ඔය මන්ෂ්‍යයා ඉතා අසංවේදී අයෙක්. එයාගේ ව්‍යාපාර ගැනත් එතරම් සුභ දැක්මක් නෑ.

:       6       20

BamunuarachchiThursday, 16 June 2022 10:16 AM

ගොන් ටෝක් දාන්න එපා ජාතික ලැයිස්තුව හැදුවේ රටට වැඩක් කල හැකි රටේ වැදගත් පුද්ගලයින් පාරලිමේන්තුවට ගෙන්වා ගන්න. මේ එවන් පුද්ගලයෙක්. පවුලේ කමට වැඩබැරි ගොයියෝ ගත්තා තමයි. එත් දම්මික කියන්නේ රටට වැඩ පෙන්නපු කෙනෙක්. ජෙප්පෙක් නම් කීයටවත් ගන්නේ නැතිබව දන්නවා.

:       21       12

Bamunuarachchi Thursday, 16 June 2022 10:11 AM

ධම්මික මහතානනී පෙත්සමකින් ඔබ පරාජය උනොත් ඔබේ සියලුම ව්‍යාපාර බංගලිදේශයට ගෙනියන්න. රටේ එවුන්ට හොම්බෙන් යන්න වැඩ කරන්න.

:       23       4

fairoosThursday, 16 June 2022 12:00 PM

දැන්නම් මොලේ හොදටම නරක්වෙලා වගෙ..අනේ පව් සර් එකෙන්ම යවන්ඩ ඔනෙ අංගොඩට.

:       3       8

BamunuarachchiFriday, 17 June 2022 10:54 AM

ධම්මික වගේ බිස්නස් කාරයෝ ඉන්නකොට මස්කඩ කාරයින්ට හරිම අමාරුයි නේද? මේ රටෙන් පිනට කන හම්බ සෙට එක ගියොත් ලංකාවට සුගතියක්.

:       0       3

ranjith Thursday, 16 June 2022 10:18 AM

ජනාතා පරමාධිපත්‍යට ගරු නොකරන නයකයො ඉන්න රටක්. චන්දෙදෙන්නෙත් බොරු පොරොන්දු දීල. ඉන්පසු කරන හැම දෙයක්ම මෙ ව් ජනතාවට පිටුපලා

:       3       12

ඩී . පෙරේරා Thursday, 16 June 2022 10:54 AM

එතකොට කපුටු කාක් පාර්ලිමේන්තු ගියේ කොහොමද ?

:       3       11

de silva Thursday, 16 June 2022 12:35 PM

මොහු මුල සිටම ජනපතිට උපදෙස් දීපු අයගෙන් කෙනෙක්, රට වැටිල තිබෙන අගාදෙට මොහුත් වග කියන්න ඔනෙ ජතික ලයිස්තුව තිබෙන්නෙ , ‌දේශපාලකයන් නොවන යම් විෂයන් ගැන දැනුම් සහ පලපුරුද්ද ඇති උගත් බුද්ධිමතුන් පර්ලිමෙන්තු ගෙන එන්න , මොහු කොටිපති වියපරිකයෙක් වුනත් මොහුට අර්තික විද්‍යාව පිලිබද තිබෙන උපාදිය කුමක්ද ,? මොහු මෙම තනතුර තම ව්‍යාපාර ව්ලට අවභාවිත නොකරවි කියල , අන්ඩුවට සහ ජනපතිට රටෙ ජනතවට දෙන්න පුලුවන් සහතිකය කුමක්ද? මෙය මෙම ප්‍රශ්නයෙන් රට ගොඩ ගන්න පුලුවන් ආකාරයේ ලිඛිත වාර්ථාවක් හෝ ක්‍රමවෙදයක් ජනාදිපතිට හෝ අගමතිට ඉදිරිපත් කර තිබෙනවාද? අපිට ඔනෙ අලුත් චන්දයක්.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 236 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 235 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site