
(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනෙක් පෞද්ගලික දුරකථන සමාගමක් සමඟ එකතුව ක්‍රියාත්මක කළ දුම්රිය මාර්ගයේ කේබල් ඇදීමේ වංචනික ගණුදෙනුවක් නතර කිරීම දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරෙන් ඉවත්කිරීමට හේතුව බව ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක පෙරමුණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමු කරමින් පවසයි.
අදාල ගණුදෙනුවේදී අදාල පෞද්ගලික දුරකථන සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවට වාර්ෂිකව රුපියල් මිලියන 14 ක ආදායමක් දීමට එකඟව තිබුණ ද අදාල ව්‍යාපෘතියෙන් එම දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 700 ක වාර්ෂික ආදායමක් ලැබිය හැකි යැයි ධම්මික ජයසුන්දර මහතා පැවසූ බවත් අදාල ගණුදෙනුව නිසික්‍රමවේදයට ගිවිසුම්ගතව කළ යුතු යැයි පවසා ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක පෙරමුණේ ප්‍රධාන ලේකම් ජනිත් ලංකාගේ මහතාගේ අස්සනින් යොමු කර ඇති ලිපියේ සඳහන් වේ.
ප්‍රවාහන අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ එම අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලපෑම් කර ඇති බවත් කෙසේ වෙතත් ප්‍රවාහන අමාත්‍යංශයේ බලධාරියකු ලිඛිත නියෝගයක් දෙන්නේ නම් ව්‍යාපෘතියට අනුමැතිය දෙන්නේ යැයි ජයසුන්දර මහතා පවසා ඇති බවත් එම ලිපියේ කියවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්ටේනර් වංචාවට කොහොමත් ඇතුලට යන්න ඉන්න එකේ තව වංචාවල් කොච්චර කලත් මොකද කියල හිතනව ඇති. හැබැයි එයාගෙ නැට්ටෙ එල්ලිලා දිව්‍යලෝකෙ යන්න බලන් ඉන්න නිලධාරි සෙට් එක නම් පව් තමයි.
ඕං එළියට එනවා. සුදු ඇඳගෙන කළු ඇවිත්
මට පෙනෙන විදියට කේලාම් කාරයන්ට මේ ආණ්ඩුවෙන් තැනක් තියෙනවා වගේ. අනික ප්‍රවාහන අමාත්‍යංශයේ නිලධාරීන් කීයක් දැන් අස් වෙලා ගිහින් තියන වද? හරි පුදුමයි.
එහෙනම් ජනාධිපති තුමාට දූෂිතයින් ඉවත් කරන මෙහෙයුම මාලිමාවේ ඇමති මණ්ඩලයෙන්ම ආරම්භ කරන්න වෙයි වගෙයි . අපි බලාගෙන ඉමු මොකද්ද වෙනේ කියලා.
ඔය union පිස්සෝ කියන දේවල් හොඳට හොයන්නේ නැතිව පිළිගන්ට එපා. රට ආපස්සට අදින කුහක රාජ්ජ්‍ය සේවකයන් සහ කුහක union කාරයෝ ගැන. හොඳට හිතලා තීරණ ගන්න
කැබිනට් තීරණන අරගෙන සාමාන්‍යාධිකාරීව පන්නන, මාලිමාවට මාර උණක් තියෙන්නේ.
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ නේ... ඕවයි යම් තරමක ඇත්තකුත් ඇති...
කෝච්චි ටිකට් එකක් හරියට දීගන්න බැහැ.. මිලියන ගණන් ලාභ ගන්න කතාව අපි නොදන්නා දුම්රිය දෙපාර්තුමේන්තුව...
කොච්චි ටිකට් එකක් නිවැරදිව දිගන්න බැරි රෛල්වේ එක...අනේ ද කියන්නේ.