(නිමන්ති රණසිංහ )
ජාතික රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුල් වී සේවකයන් බියගන්වා රාජකාරි කටයුතුවලට බාධා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හරිනු ලැබ සිටින ධනීෂ් අලී නමැත්තාගේ දුරකතන හා ටැබ් උපකරණය විමර්ශන සඳහා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට බාරදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලාවල මහතා සැකකරුට අද (26) නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ කුරුඳුවත්ත පොලිසිය විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.
මෙම නඩුව ලබන ජනවාරි 9 වැනිදා නැවත කැඳවීමටද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
අයුතු ජන රාශියක සාමාජිකයන් අතරේ සිටිමින් ජාතික රූපවාහිනි සංස්ථාවට පසුගිය ජූලි මස 13 වැනිදා අයුතු ලෙස ඇතුල්වී එහි සේවකයන් බියගන්වා රාජකාරි කටයුතුවලට බාධා කර එම සංස්ථාව වටා ඇති තාප්පද කඩා අනර්ථයක් කිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය මේ
විමර්ශන ආරම්භ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තරයේ තහනම් කර ඇති ත්‍රස්ත සංවිධානවල සමාජිකයෙක් දැයි විමර්සනය කළ යුතුයි...
ෂර්යා නීතියෙන්ම දඬුවම් කරමු.