
(නිමන්ති රණසිංහ)
රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිද්ධියට අදාළ ව අධිකරණයට ඉදිරිපත් කළ සමාජ ක්‍රියාකාරී ධානිශ් අලී නැමැත්තා ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (01) නියෝග කළේය.
මෙම සැකකරු විදේශගත වීමට සූදානම්ව සිටිමින් ගුවන් යානයක රැඳී සිටියදී පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 26 වැනිදාය. අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් ප්‍රකාරව අත්අඩංගුවට ගත් මෙම සැකකරු නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ ඉකුත් 27 වැනිදාය.
රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වීමේ සිද්ධියට අදාළව මෙම සැකකරු හඳුනා ගැනීමේ හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරන්නැයි පොලීසිය කළ ඉල්ලීමකට අනුව එහිදී මහේස්ත්‍රාත්වරයා අද (01) මෙම සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාරයට නියෝග කර තිබුණි.
මෙම නඩුව අද (01) කැඳවු අවස්ථාවේ දී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම සැකකරු මුළු ලෝකෙම දැනගෙන සිටි අවස්ථාවක හදුනාගැනීමේ පෙරට්ටුවක් අවශ්‍ය නොවන බව යි. ඒ අනුව හදුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කල මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ කුරුඳුවත්ත පොලිසිය මගිනි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කුරුණෑගල වෑබඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ධානිශ් අලී නැමැත්තාය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සමාජ ක්‍රියාකාරී" නොව "සමාජ විනාශකාරී" ලෙස හැඳින්වීම වඩාත් උචිතය.
ප්ලේන් එකේදී ඔය පොස් එකෙන්ම පහර වැදුනා වත්ද? හැබැයි බෙල්ලෙන් ඇදගෙන ගිය බවනම් ෂුවර්. කොල්ලෝ ඒක ඉගෙන ගනිල්ලා... බලය තිබෙන අය ඔබලා වගේ අයට ඉඩදීලා ටිකක් පස්සට යන්නේ ඔවුන්ගේ බැරිකමට නොවෙයි. ඉස්සරහට ඇවිත් උඹලාට දෙකට කැඩෙන්න ගහන්න බලාගෙන... විශේෂයෙන් සිංහල අපිට ජාතිදාන්න ලැහැස්ති වෙන්න එපා. රෙදි නැන්දා නරියට කරපු වැඩේ කරනවා.
එතකොට පාරෙ බැහැලා කෑ ගහන අයට කියන්නේ සමාජ ක්‍රියාකාරීන් කියලද?
මේ වගේ මෝඩ හාල්පාරුවන් ගැන කියලා වැඩක් නැහැ. කවුද මේ?
අසාධාරණය වෙනුවෙන්න නැගිසිටිමේ ශක්තිය හැම කෙනෙකුටම නැහැ. ධානීශ් රටට ආඩම්බරයක්
දැන් බඹරය කැරකැවෙන වැරැදි දිශාවකට හැරිලවත්ද? මෙි අහිංසක දරැවෝ බළල් අතකටවත් යටවෙලාද කියලත් හිතෙනවා. මෙි ගොල්ලන් රට රාජ්‍යවල ඉගෙන ගත් බුද්ධිමත් තරුණ ප්‍රජාවක්.
කුඩුකාරයෝ, අපරාධකාරයෝ, මංකොල්ලකාරයෝ, ත්‍රස්තවාදියෝ සේරම පැනලා යන්නේ ඩුබායි වලටනේ... මොකක්ද හේතුව?
ධානිෂ් ඇලෝට ගහද්දී ෆයිරූස් අඬන්නේ ඇයි?