(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙමහල් නිවසේ තනිව විසූ ධනවත් වයෝවෘද්ධ කාන්තාවක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලීසිය සඳහන් කරයි
එලෙස මිය ගොස් ඇත්තේ නුගේගොඩ පරණ කැස්බෑව පාර පදිංචිව සිටි විනිතා ජයසිංහ නැමැති 75 හැවිරිදි කාන්තාවකි
මියගිය කාන්තාවගේ සැමියා මීට වසර 17 කට ඉහතදී මියයාමෙන් අනතුරුව ඇය පමණක් මෙම නිවසේ ගත කර තිබූ බව පොලිසිය කියයි
දෙමහල් නිවස දෙසින් අධික දුර්ගන්ධයක් හමන බවට මිරිහාන මූලස්ථාන පොලීසියට ඉකුත් 9 වෙනි දින ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් කණ්ඩායමක් නිවස තුළ කිසියම් අයෙක් මිය ගොස් ඇති බවට හමන ලද දැඩි දුගදින් තහවුරු කරගැනීමෙන් අනතුරුව නිවසෙහි පිහිටා තිබෙන දොර සහ ජනේල පිටතින් දැඩි පරික්ෂාවකට ලක් කළ ද කිසිදු දෙයකට අලාභානි සිදු නොවී තිබීම හේතුවෙන් ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරි වරයා සහ නුගේගොඩ කොට්ඨාසය අපරාධ ස්ථාන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඉදිරිපස දොර කඩා නිවසට ඇතුළු වූ බව පොලිසිය කියයි
එම අවස්ථාවේදී උඩු මහලට ගමන් කරනා පියගැටපෙළ අසල මුනින් අතට වැටී තිබූ නිවෙස් හිමි කාන්තාවගේ මල සිරුර දැකගැනීමට බව පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයසක අයව උඩු මහල් වල තියන්න එපා කියන්නෙ ඒකයි.ට්‍රම්ප්ගෙ කලින් ගෑනි මලෙත් පඩිපෙලෙන් වැටිලා.