
(සුරංග රාජනායක)
දිට්වා සුළිකුනාටුවෙන් ආපදාවට පත් ගම්පොල ජනතාවට බෙදාදීම සදහා ගම්පොල උඩපලාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ලැබී තිබු වියලි ආහාර ද්‍රව්‍ය විශාල තොගයක් ඇතුළු භාණ්ඩ කල් ඉකුත් වන තෙක් ඒවා ජනතාවට බෙදා දී නැතැයි සිදුකළ විගනණ පරික්ෂාවකින් හෙළි වී තිබේ.
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කාමර තුනක තිබී විගණන නිලධාරින් විසින් මෙම භාණ්ඩ තොගය සොයා ගෙන ඇත.
ආපදාවට පත් ජනතාවට බෙදා දිම සදහා උඩපලාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ලබා දී ඇති වියලි ආහාර ද්‍රව්‍ය හා ඇඳුම් පැලඳුම් මුළුතැන් ගේ උපකරණ විද්‍යුත් උපකරණ ආදී ද්‍රව්‍යා නිසි පරිදි බෙදා නොදී එහි කාර්ය මණ්ඩලය ඒවා අවභාවිතා කරන බවට මහනුවර දිසාපතිවරයාට හා රජයේ විගණකාධිපතිට ලැබී තිබුණු තොරතුරු අනුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන නිලධාරින් හා රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඒකාබද්ධ පරික්ෂණයක් ආරම්භ කර ඇත.
මේ අතර මෙම කාර්යාලයේ තිබූ කල් ඉකුත්වී නරක්ව තිබූ පරිප්පු හාල් ඇතුළු ආහාර ද්රව්යතෝගයක් වලදමා ඇති බවටද මෙම නිලධාරින්හට තොරතුරු ලැබී තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප වෙත කරුණු දැක්වූ උඩපළාත ප්‍රා දේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය සඳහන් කළේ දිත්වා නිසා විපතට පත් ජනතාවට ආධාර කිරීමේ වැඩසටහන් විවිධ ධානපතීන්ගේ සහ විදේශ ආධාර වලින් ලද ද්‍රව්‍ය සහ උපකරණ මගින් සිදු කල අතර ඒවා නිසි පරිදි භාරගෙන, කළමණාකරණය කරගනිමින් නිවැරදිව අවශ්‍ය පුද්ගලයින් හඳුනාගෙන විධිමත්ව බෙදා දෙන දුන් බවයි.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ප්‍රා දේශීයලේකම්වරිය,
"දිට්වා සුළි කුණාටුවට ආධාර ලැබීම කියා වෙනම ආධාර ලැබීමක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට නොමැති අතර සහන සේවා සපයන ආයතනයක් වශයෙන්විවිධ දානපතීන් විවිධ අවස්ථාවල ආධාර ලබාදෙනු ලබයි.
ව්‍යවස්ථා කළමණාකරන පනතේ ප්‍රතිපාදන අනුවද දිට්වා ආධාර ලබාදීම නතර කරන ලෙස දන්වා නැත. තවද කුලී නිවැසියන් සහ නැවත පදිංචි කරන ජනතාවවෙත ආධාර තවදුරටත් බෙදාහැරීමක් පවතී. උදාහරණයක් ලෙස ඉතා මෑතක දිනයක් වන 2026.06.19 දිනට දරුවන් 120 කට පාසල් උපකරණ සහ වැඩිහිටියන් 62ක් සදහා සහල් ලබාදුන් අතර 2026.06.20 දින WFO එක මගින් පුද්ගලයින් 90 කට මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලදී.
මේ අනුව තවමත් ආධාර බෙදීම යනු කිසිසේත් ප්‍රශ්නගත කාරණයක් නොවේ.අනෙක් අතට කිසිදු විගණනයකට අපගේ ප්‍රතිලාභීන්ට ආධාර බෙදා දීමේ වැඩසටහන නැවැත්වීමට ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන නැත.
2025 නොවැම්බර් මාසයේ දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් ගම්පොල උඩපලාත කොට්ඨාශයට දැඩි හානි වූ අතර උඩපලාත කොට්ඨාශයේ ආපදාවන්ට ලක් වූ පිරිස වෙනුවෙන් සහන සේවා සැලසීම 2025 නොවැම්බර් මස 29 වැනි දින සිටම මාගේ මූලිකත්වයෙන් උඩපලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීම ආරම්භ විය.
එසේ ආරම්භ වූ ආධාර කිරීමේ වැඩසටහන් විවිධ ධානපතීන්ගේ සහ විදේශ ආධාර වලින් ලද ද්‍රව්‍ය සහ උපකරණ මගින් සිදු කල අතර ඒවා නිසි පරිදි භාරගෙන,කළමණාකරණය කරගනිමින් නිවැරදිව අවශ්‍ය පුද්ගලයින් හඳුනාගෙන විධිමත්ව බෙදා දෙන ලදී. එමෙන්ම කාර්යාලයේ ගොඩ ගසා ඇති බොහෝ ද්‍රව්‍ය ඇඳන් කොට්ට මෙට්ට ආරක්ෂිත කබා ආදී ඉදිරි ආපදාවකදී භාවිතයට ගත හැකි ඉන්වෙන්ට්‍රිගත ස්ථාවර වත්කම් වේ. මේවා මිනිසුන් අතර බෙදා දීම සිදු කරනු නොලබන අතර හදිසි ආපදා අවස්ථාවකදී භාවිතයට ගැනීම සඳහා යොදා ගැනීමට අපේක්ෂිතය. කිසිදු විද්‍යුත් උපකරණයක් අප කාර්යාලයේ නැත.
මෙම ද්‍රව්‍යාධාර අප විසින් මිල ගණන් කැඳවා ලබා ගත් ඒවා නොවේ. සමහර ද්රව් යාධාර ලැබෙන්නේ කල් ඉකුත් වූ ඒවා ලෙසිනි. නෙ එසේනම් කල් ඉකුත් වීමට ආසන්න ඒවා ලෙසිනි. ඒවා බෙදා හැරීම අප විසින් සිදු කරනු නොලබයි. තවද අප විසින් ගම්පොළ උඩපලාතට ද්‍රව්‍යාධාර වශයෙන් ලැබී බෙදා දුන් ප්රමාණයටටොන් ගණනක් බවත් වැඩිදුරටත් සඳහන් කරමි."



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd