(මොහොමඩ් ආසික්)

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වීම නිසා කුලී නිවෙස්වල පදිංචිව සිටින පවුල් සඳහා මාස හයකට රජය මගින් ලබා දෙන රුපියල් 25,000 ක මාසික කුලී දීමනාව තවත් මාස තුනකට දීර්ග කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායන මහතා ප්‍රකාශ කළේය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් වු ජනතාව වෙනුවෙන් රජය ලබා දෙන සහනවල සහ නැවත පදිංචි කරවිමේ ප්‍රගතිය විමසා බැලීම මෙහිදි සිදු විය.

මෙම විශේෂ සම්බන්ධීකරණ කමිටුවට එක් වු ජනාධිපති අනුර කුමාර දිසානායකන මහතා තව දුරටත් සඳහන් කළේ, දිට්වා සුළි කුණාටුවට මේ වන විට මාස හයක් ගත වී ඇති බවත් දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කරවීම් තවමත් සිදු වෙමින් පවතින නිසා බොහෝ පිරිසක් තවමත් කුලී නිවෙස්වල පදිංචිව සිටින බවයි.

මෙම තත්වය සැලකිල්ලට ගෙන රජය මගින් මාස හයක් සඳහා ලබා දීමට තීරණය කර තිබූ රුපියල් 25,000 ක නිවාස කුලී දීමනාව තවත් ඉදිරි මාස තුනක් සඳහා අවශ්‍යතාවය මත ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

කෙසේ නමුත් මෙම මාස තුන තුල නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් විසඳුම් ලබා ගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කිය.

මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 6870 ක් නැවත පදිංචි කළ යුතුව ඇති බවත් එයින් අඩු කිරීම් කිරීමෙන් අනතුරුව තවත් තවත් 5588 ක් නැවත පදිංචි කළ යුතුව ඇති බවත් දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා මෙහිදී කිය.

මහනුවර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීය.