(අංජුල මහික වීරරත්න)

වැසි සහිත ආපදා තත්ත්වය හමුවේ සූදානම් වීමේ සහ බේරා ගැනීමේ කණ්ඩායම් ස්ථානගත කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

ඕනෑම අවස්ථාවක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථනය සමග සම්බන්ධ වන්නැයි පැවසූ කොඩිප්පිලි මහතා පැය 24 පුරාම එම දුරකථන අංකය විවෘත බව සඳහන් කළේය.

සියලුම දිස්ත්‍රික්ක වල ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ඊට සම්බන්ධ වෙන බවද ඔහු කීය.

වත්මන් කාලගුණ තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රියන්ත කොඩිප්පිලි මහතා:-

මිලිමීටර් 200ට වැඩි වැසි වාර්තා විය හැකියි.අධික වැසි සමඟ නාය යාම් ලක්ෂණ ගැන දැනුවත් වන්න.මෙවැනි අවස්ථාවක අනාරක්ෂිත ස්ථානවල දිය නෑම ඉතා අහිතකරයි.අනාරක්ෂිත ප්‍රදේශ වල දිය නෑම හේතුවෙන් පසුගිය දිනවල පුද්ගල මරණ කිහිපයක් වාර්තා වුණා.

අකුණු ඇතිවන අවස්ථා වලදී ඒ සඳහා පියවර ගැනීම ඉතා වැදගත්.එළිමහන් ප්‍රදේශවල ක්‍රීඩා කිරීම හෝ වැඩ කටයුතු කිරීම මෙන්ම ස්ථාවර දුරකථන භාවිතය අවදානම්. නිවෙස් වල සිටී නම් පරිපථ විසන්ධිකර තබා ගැනීමම වැදගත්