මහනුවර දළඳා පෙරහරේ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 6200ක්, පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන්
564ක්, ත්‍රිිවිධ හමුදා නිලධාරීන් 1200ක් හා සිවිල් ආරක්ෂක නිලධාරින් 29ක් යොදා ගැනීමට සැලසුම් කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි. එසේම දළඳා පෙරහර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.