(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දළදා වහන්සේට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළ තැනැත්තාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ උපරිම නීතිය ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආගමික විශ්වාස වලට හානිවන ආකාරයට කටයුතු කිරීම වසර දහයක් වුවත් සිරගත කළ හැකි වරදක් බව ද අධිකරණ අමාත්‍යවරයා කීය.
දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තිය යටතේ යම් ආගමික විශ්වාසයකට යම් තැනැත්තෙක් අපහාස කරනවා නම් ඒ ලබ්දිය විශ්වාස කරන අයගේ හද පෑරෙන ලෙස කටයුතු කරනවා නම් දන්ඩනීය වරදක් ලෙස සඳහන් වෙන බවද විජේදාස රාජපක්ෂ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක පුද්ගලයන් , ආගමික විස්වාසයන් ලෙස කෙලින කෙබරවලට විරුදව කතා කොරන්නත් බැරිඩ? ආගමික මත්‍යයා විස්වාස? ඒ් විවෙචනය කොරන්නත් බැරිඩ ? "ක්‍රිටිසම් වලට" කතෝලි පල්ලියෙනුත් ලබා දීල තියනව.. ඇමතිතුමෝ , බුද්ධාගමත් `ඇයතුල්ල` ගෙ ජාතියෙ එකක් කොරන්න හදන්නෙ ? බුදුන්ටත් වඩා මෙ ගොල්ලො බෞද්දයො වගෙයි නෙ!
දළදා වහන්සේට අපහාස කිරීම ගැන අප එකඟ නැහැ.ඒත්, තමන් වහන්සේට නොයෙකුත් නින්දා අපහාස හා බොහෝ කරදර හිරිහැර කළ අයට බුදු පියාණන් වහන්සේ පිය රජතුමා ලවා දඬුවම් කළේ නැහැ.හිත් පිත් නැති සුනාමියේදී බුදු පිළිම වහන්සේ නමකට හෝ හානියක් සිදු වූයේ නැහැ.දළදා වහන්සේට බෝම්බ ගැසූ හා මේ රටේ මහා ජන සංහාරක කළ ත්‍රස්තවාදී නායකයෙකුට පක්ෂයක උප නායක කමක් හා ඇමතිකමක් ද දුන්නා.ඒත්,ඒවා කාට හෝ පෙනී නැහැ. දූෂිත දේශපාලකයන්ගේ හා දුසිල්වතුන්ගේ වැරදි පෙන්වා දීම නරකයි කියන්න පුළුවන්ද ? රටම හොරා කා රට බංකොලොත් කළ දූෂිතයන් ඇල්ලීමට මෙතරම් උනන්දුවක් නැත්තේ ඇයි ? රජ වාසළ සිටින සුදු හැඳගත් සැමදෙනා අද හැසිරෙන්නේ බෝසත්වරුන් මෙනි.සුදු වතින් සැරසී බොරුව වංචාව හා දූෂණය සිදුකිරීම බුදු දහමට කරන අපහාසයක් නොවන්නේද ?
දළදාවට බෝම්බ ගහපු එකා උඹලා ඔඩොක්කුවේ තියාගෙන වචනයක් අල්ලාගෙන කර තියන් යන්නෙ දළදාවට තියෙන ගෞරවයටද ?
ප්‍රචණ්ඩත්වය උගන්වන ආගමික මතවාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, අපරාධ නඩු විධාන සංග්‍රහයට සහ දණ්ඩ නීති සංග්‍රහයට එකඟද? ජාතිවාදයට හා ආගමික ප්‍රචංඩත්වයට අපි ඉඳුරා විරුද්ධ වෙමු; ආගම් නාමයෙන් ජාතිවාදී ගිනිදැල් මතුවීමේ හේතු ඇතැම් ආගමික ග්‍රන්ථ වල, ආගමික කතෘ පාඨ වල දක්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාවේ "කිසිම තැනැත්ත්කු වද හිංසාවලට හෝ කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නො කළ යුත්තේ ය." යනුවෙන් දක්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ "ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුකස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවේ සහ 14වන ව්‍යවස්ථාවේ 1 වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු ම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කීරීම රජයේ වගකීම විය යුත්තේ ය." යනුවෙන් ව්‍යවස්ථා කර ඇත.
මෙහි කියවෙන 10 වන ව්‍යවස්ථාව "සැම තැනැත්තෙකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්දියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට හෘදය ශාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය." යනුවෙන් ද 14 .(1)(ඉ) ව්‍යවස්ථාව, "14.(1) සෑම පුරවැසියකුටම - (ඉ) එකලාව හෝ අන් අය හා සමග , ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම,ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්,පිළිපැදීමෙන් ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට ; හිමිකම් ඇත්තේ ය." යනුවෙන් ද දක්වා ඇත මෙම ව්‍යවස්ථා අනුව, රටේ සෑම පුරවැසියකුට ම රටේ ජනතාව අදහන සියලු ආගම් හෑදෑරීමට, ප්‍රගුණ කිරිමට, කියවීමට විමර්ශනය කිරිමට අයිතියක් ඇති කර ඇත. විශේෂයෙන් 10 වන ව්‍යවස්ථා ප්‍රකාරව තමන් අභිමත ආගමක් ඇදහීමට සහ වැළඳ ගැනීමට හෝ පිළිගැනීමට නම් ඒ ඒ ආගම් විමර්ශනයට භාජනය කළ යුතු ය. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අයිතිවාසිකම ද රැකවරණය ද සලසා ඇත.
අල්-කුරානයේ 5 වන පරිච්ඡේදය අල් මායිදා 33,34. 9 වන පරිච්ඡේදය අත්තව්බා 12,13,14,15,16,29,36,37, 38,39,40,41,44,45,46;73,74,111, 123 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාවට සහ අපරාධ නඩු විධාන සංග්‍රහයට දණ්ඩ නීති සංග්‍රයට පටහැනි පවතී. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝදනයක් ගෙනවිත් එකී වගන්ති ඉගැන්වීම, හැදෑරීම, ව්‍යාප්ත කිරීම සහ බල ගැන්වීම, වාරණයට ලක් කළ යුතු බව අවධාරණය කරමු
ඊළඟ චන්දෙට බය්යන්ට අලුත් බ්ය්ට් එකක්. මිනිස්සුන්ට කන්නවත් නෑ මුන්ට තියන ප්‍රශ්න.
දළඳා හිමිට අපහාස කරන්නේ ,විකුණාගෙන කන්නේ ,ඒ පිටිපස්සට වෙලා තම තමන්ගේ දූෂණ හා අත්‍යවශ්‍යකම් සපුරා ගන්නේ චීවරදාරියෝ නොවේද?
ඔය සේපාල අමරසිංහ කියන එකා මහ එපාර් කරපු එකෙක්, අල්ලලා හිරේදාන්න ඕන
මම බුදුදහමට අපහස කලා මගේ යූටියුබ් නාලිකාවෙන්. අනේ මට බෞද්ධ ඔබ සියලුදෙනා සමාව දෙනුමැන.
Ariyathilaka මහත්තයෝ, අල් කුරානයේ අඩු පාඩු හොයන්නට පෙර, වත්මන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටටත් ජනතාවටත් යහපත්ද සහ ගැලපෙනවද කියල බැලුවුත් හොඳයි නේද? අද රටේ මැති ඇමතිලාට අසීමිත වරප්‍රසාද. පරාජිතයන් පාර්ලිමේන්තුවට එවිල්ල ජනවරමක් හෝ නොමැතිව රටේ ජනාධිපති වෙනවා. කොටි ගණන් මහජන මුදල් වියදම් කරලා, අවුරුදු ගානක් විභාග කරලා අධිකරණයෙන් දඬුවම් දීපු මිනීමරුවන් තත්පර ගානකින් ජනාධිපති සමාවෙන් නිදහස් කරනවා. මේකෙන් අගතියට පත් වුවන්ට යුක්තිය ඉටු වෙනවද? අදටත් මේ දුප්පත් ජනතාව විසින් හිටපු ජනාධිපතිලා දෙදනක්, එක් පරාජිත ජනාධිපති කෙනක්ව, දුරය හැර දාල පෙනල ගිය ජනාධිපති කෙනක්ව නඩත්තු කරන, හිටපු ජනාධිපති බිරිඳක්ව සහ තව නොබෝ දිනකින් වත්මන් ජනාධිපතිවත් නඩත්තු කරන්න ව්‍යවස්ථාව රටේ තියන්නේ. ඒ තරමට රටේ ජනතාව අවාසනාවන්තයෝ. ඒ නිසා අල් කුරානයේ අඩු පාඩු සොයන්නට පෙර, රටට සහ ජනතාවට සුදුසු ව්‍යවස්ථාවක් හදන්න අපි උත්සාහ කරමු. නැත් නම් මගෙත් ඔබෙත් අනාගත දරුවන්ටත් අපි මේ බර ඉතුරු කරලා යන්නේ.
දළඳා මැදුරට පහර දීමටත් දළඳාවහන්සේ පැහැර ගැනීමටත් 1988 පෙබරවාරි 8 දින දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ගත් උත්සාහය ව්‍යර්ථ විය.