(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
සේපාල අමරසිංහ නම් තැනැත්තෙකු විසින් සමාජ මාධ්‍ය භාවිතා කරමින් ලෝවැසි සියලු බෞද්ධ ජනයාගේ ගෞරවයට පාත්‍ර වුණ ශ්‍රී දළදා වහන්සේට අපහාස වන අන්දමින් සිදු කර ඇතැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි
කැලණිය දුම්රියපොළ පාරේ, බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ අහුන්ගල්ලේ සිරි ජිනානන්ද ස්වාමීන් වහන්සේ විසින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතාට ලිඛිතව කරන ලද පැමිණිල්ලක් පොලිස්පති සි. ඩී වික්‍රමරත්න මහතා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය වෙත යොමු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් කීය
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් බෞද්ධ කටයුතු පිරිපත පිළිබඳ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා හමුවට ගොස් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කළ බව එම නිලධාරියා කීය.
දේශීය පමණක් නොව විදේශීය රටවල ද බෞද්ධ අබෞද්ධ සියලු ජනතාවගේ ගෞරවයට පාත්‍ර වී ඇති සී දන්ත ධාතුන් වහන්සේට මේ ආකාරයෙන් නිගරු කිරීම බරපතළ තත්ත්වයක් බවත් 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතට අදාලව සහ දණ්ඩ නීති සංග්‍රහයේ ඇතැම් වගන්ති වලට අදාළව දඩුවම් ලැබිය හැකි වරදක් බවත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ලිඛිත පැමිණිල්ලෙන් ඉල්ලා ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ බව උසස් පොලිස් නිලධාරියා කීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මගින් විමර්ශන සිදු කෙරේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවේ කැම්පේන් පටන් අරන් වගේ...
ඒවා සාධාරණීකරණය කිරීමට නොයෙකුත් දේ හුවා දක්වන පිරිස් සිටීමද අවාසනාවකි. අපි ඔහුට උපරිම දඬුවම් ලබාදෙන ලෙස බලකරමු.
ඔය සදාචාර විරෝධී බක පණ්ඩිතයාව අවුරුදු 10 කටවත් ඇතුළට දාන්න ඕනෑ...
බුදුදහමට සහ බුදුදහම සම්බන්ධ පූජනීය ස්ථාන අළලා අවලාද නැඟීම විලාසිතාවක් වී ඇත. සේපාල නමැත්තා එහිි කප්පිත්තෙකි. එමගින් ලැබෙන කුප්‍රසිද්ධිය වුව ඔවුන්ට මාර දෙයකි. කෙසේවුවත් මේ සතුන් බැඳ දැමීම පුණ්‍ය කටයුත්තකි. එසේම, මොවුන් ඉතා වැඩි දෙනෙක් එක්තරා දේශපාලන පක්ෂයකට සමාජ මාධ්‍ය හරහා කඩේ යන්නන් බව ද පෙනෙන්නට තිබේ...
යූ ටියුබ් ජාලයටම අධිපති යයි සිතාසිටි පුද්ගලයෙක්...
දළදා වහන්සේට අපහාස කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. මෙවැනි ආකාරයේ විවේචන මතුවීමට හේතුව කුමක් නිසාද කියා සොයාබැලිය යුතුවේ. භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම්, දූෂිත ක්‍රියාවන්, සමාජ විරෝධි ක්‍රියාවන් දිගින් දිගටම සමාජය තුල සිදුවෙද්දී ඒ පිළිබඳව මහනායක බික්ෂූන් වහන්සේලා/ අධිකරණ මහනායක භික්ෂූන් වහන්සේලා නිහඬව සිටීම නිසා රටේ පුරවැසියන් විසින් එල්ල කළ විවේචනයක් බව පෙනෙන්නට තිබේ...
දළදා හාමුදුරුවෝ නැති කරන්න බෝම්බ ගහපු අයට මොනවද කළේ? ඇමැතිකම් දිලා ඔවුන්ට සුර සැප දුන්නා. මේ කතාකරන අය කොහේද හිටියේ? වහල්ලුන්ට ඇත්ත දරාගන්න බැහැ...
ඔහු නූගත් මෝඩයෙකි. ඔහු සිරගෙදර සිටිය යුතුයි
මිනීමරුවන්ට ජනපති සමාව.නිදහසේ අදහස් ප්‍රකාශ කරන්නන්ට දඬුවම් .ලංකාව ඇෆ්ගනිස්ථානයක් වූ වගයි .බුද්ධිමත්ව සිතන්න
මේවගේ මෝඩ හරක් ඉන්න රටක් තව කොහෙවත් නැතුව ඇති
මහනායක භික්ෂූන් වහන්සේලා අධිකරණ මහනායක භික්ෂූන් වහන්සේලා මීට වඩා බුදු දහමට වෙන හානි වලදී, විශේෂයෙන් භික්ෂුන් ගෙන්, වෙන හානි වලදීත් මේ වගේ කටයුතු කරන්නේ නැත්තේ මොකද කියන එක තමයි ප්‍රශ්නය.
බුදුහාමුදුරුවෝ දේවදත්තට විරුද්ධව නඩු කීයක් දැම්මාද පින්වතිනි ?
අරාබියේ නම් මෙලහකට ගල් ගහලා මරලා
කැළණියට බොරු නාගයෙක් ගෙනල්ලා විශාල ශබ්දයක් ඇසෙන්නට සලස්වා රටේම මිනිස්සු ගොනාට අන්දපු කෙනාට දුන්නු දඬුවම මෙයාටත් දෙන්න
කොළඹ පලාතේ ලොකු විහාරස්ථානයක හාමුදුරුකෙනෙක් කිව්වා .. . ඔය කරඬු ඇතුලේ තියෙන්නේ උරෙකුගේ දතක් කියලා ඉතින් මේ නිසාම මේ හාමුදුරුවෝ ඒ දවස්වල ලංකාවේ පුවත් පත්වල හුගක් ප්‍රසිද්ධ වුණා. ඇයි දළඳා හිමියන්ට අපහාසු කරපු ඒ හාමුදරුවන්ට නඩු නැත්තේ. එයාව අල්ලලා හිරේ දාන්නේ නැත්තේ. ඒ විදියට බුද්ධ ධර්මයට අපහාස කරපු ඒ චීවරධාරියාට මුළු රටම බයද?
ඡන්දෙ ලඟ හින්දා ජනතාවගෙන් ලකුණු ටිකක් දාගන්න කරන්න මැතිවරණ දුරාචාරයක්.