
(ගයාන් සූරියආරච්චි)
දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.
මේ වන විටත් ලක්ෂ තුනකට අධික බැතිමතුන් පිරිසක් දළදා වන්දනාව සඳහා පෝලිම් සැදී සිටින අතර ඉදිරි දින දෙක තුළදී පැමිණෙන බැතිමතුන්ට දළදා වහන්සේ වන්දනා කිරීමට නොහැකි වනු ඇති බව පොලිසිය කියයි.
මේ වන විටත් බැතිමතුන් විශාල පිරිසක් දිගු පෝලිම් සැදී සිටින බවද පොලිසිය පවසයි.
පොලිසිය පවසන්නේ ඉදිරි දින දෙක ඇතුළතත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණියහොත් ඔවුන්ට දළදා වන්දනාව සිදු කිරීමට නොහැකි වනු ඇති බවය.
සිරි දළදා වන්දනාව ඉකුත් 18 වැනිදා ආරම්භ විය.
(ඡායා ජේ.ඒ.එල් ජයසිංහ)

COMMENTS
කටේ තියෙන්නේ ඩිජිටල් කරණය. ඔය ඩිජිටල් කාරයින්ට බැරිවුණාද කිව් ආර් කෝඩ් එකක් හදලා ඔන්ලයින් බුක් කරලා ඒ ඒ දිනවලට අවශ්‍ය බැතිමතුන් ප්‍රමාණය පමණක් ගෙන්වා ගන්න. අනවශ්‍ය අධික මහන්සිය, නිදිවැරීම, ශාරිරික පිරිසිදු බව මෙන්ම අනවශ්‍ය වියදම් පවා මනාව කළමනා කරගන්න තිබුනා නේද…? මට කිව්වා නම් ඕක මම කරලා දෙනවා නොමිලේ…
කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියල කියපු පරණ ප්‍රස්ථාව පිරුලට අලුත් අර්ථකතනයක් දුන්න අපේ කයිතානෝ. ජනාධිපති ප්‍රේමදාස හිටිය නම් ඔගනයිස් කරන හැටි බලාගන්න තිබුණා, අවශ්‍ය මූලිකම පහසුකම් ටිකවත් දෙන්න බැරි තරමට අසංවිධානාත්මක ප්‍රදර්ශනය නිසා දන්ත ධාතූන් වහසේට අගෞරව වෙන සිදුවීම් වුණා. මිනිස්සු දුක්වින්දා, එක් අයෙක් මැරුණා. මේ ආණ්ඩුව ආවා විතරයි මේ රටට සාපයක් වැදුනා. 60,000ක් මරපු ලේ සාපය.
හෙනම් අද වැඩිම පිරිසක් දළඳා වඳින්න ඒවි
කවුරු මොනවා කිව්වත් ඇඹිලිපිටියෙන් මහනුවර බලා ගිය බසයකට අහම්බෙන් මමත් ගොඩවුණා. රුපියල් 140/= දුරක් මම ගියා බසයේ සිටි බොහෝදෙනෙක් සුදු ඇඳගත් අයම තමයි. ඔය අතරේ හිටපු කාන්තාවක් ඇයට තරමක් වයසෙන් අඩු සුදු තොප්පියක් දමාගත් කාන්තාවකගෙන් ඇහුවා මම කරාබු දෙක පූජා කරනවා. ඒක අගේද කියලා අනෙක් කාන්තාව කිව්වා අගෙයි කියලා දැන් කාලයේ මිනිස්සු දුරදිග හිතනවා අඩුයි. නැත්නම් කොහොමද සුදු සැරයටි අරගත් පිරිස් දළදා නමස්කාරය කරන්න ගියේ. ඇස් පෙනෙන අය කරඩුවේ වැඩසිටින දළදා වහන්සේ වදිනවා වගේ තමයි දෑස් නොපෙනෙන අය කරඩුවෙන් පිටත වැඩසිටින දළදා වහන්සේ වැඳීමත්...