
(සුජිත් හේවාජුලිගේ )
දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.
මෙම තීරණය මහා නායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිලමේවරයාට ඉදිරිපත් කිරීමට තීරණය කළ බව ආණ්ඩුකාරවරයා පැවසීය
මේ අතර ජනතාව පෝලිම්වල තෙරපීම වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ සමග එකතුවී ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
COMMENTS
ඉතාමත් හොඳ යෝජනාවක්. අවුරුදු ගාණකින් තිබ්බාම ගොඩක් අපහසුතාවයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. ලොකු පිරිසක් වන්දනා කරන්න එන නිසා...
ඒ වාගේම ඉතාම විනීතව බෞද්ධාගමිකයෙක් ලෙස තමාට මෙන්ම අනෙක් අයටත් දළදා වඳින්න අවස්ථාවක් ලැබෙන්න ඕනෑ බව සිතා කටයුතු කිරීමට සැමට යෝජනා කරමු.
දළදා වහන්සේ පෙන්වමින් හැමදාම බලයේ ඉන්නද මේ ආණ්ඩුවේ කල්පනාව?
මොකටද ඕක හංඟන්නෙ? මේ රටේ ජනතාවට අයිති දෙයක් හංගගෙන ඉන්න ඕන නෑනෙ. හැමදාම බලන්න වෙලාවක් වෙන් කරල තිබුණනම්, ඔහොම පොරකන්න ඕන නෑනෙ. හැබැයි ඉතිං දැන් වගේ කල්ල මරේ වෙන්නෙ නම් නෑ.....
බොහෝ යහපත් දේ තිබුනත් එකම පුද්ගලයන් සෑම වසරකම නැවත නැවතත් පැමිණීමට ඉඩ තිබෙනවා. එය නම් හොඳ දෙයක් නොවේ.
ලංකාවේ මිනිස්සුන්ට මොකක් කොහොම කළත් මොකක් හරි දෙයක්... වසරකට සැරයක් පෙන්වන තීරණය ගොඩක් හොඳයි. සිරිපා වන්දනාව වගේ ඒකත් තියේවි. බුදුන්ගේ දළදාව දවස ගානේ පෙන්නන්න ඕන කෙනෙක් නෙවේ...
පුළුවන් ද බලමු.
ශ්‍රද්ධාව වැඩිකමට ප්‍රඥාව අහිමිවෙලා මං මුලාවී සිටින බැතිමත්තු පිරිසක් තමයි ලංකාවේ ඉන්නේ කියලා ඔප්පු උනා... හරියට පෝලිමක් හදා ගන්න බැරි, නිසි ලෙස කසල බැහැර කිරීමට කසල බඳුන් නොමැති, වැසිකිලි පහසුකම් නිසිලෙස සපයා දීමට නොහැකි ජාතියක් තමයි මෙවැනි දේ සංවිධානය කරන්නේ...කිසිවකට ඇස්තමේන්තු ගත උපකල්පනාත්මක පෙර සුදානමක් නැහැ...දුවන්නන් වාලේ ඉබාගාතේ දුවන පිස්සෝ රැලක් දළදා වන්දනාවේ ගොස් නන්නත්තාර වී සිටින ආකාරයක් තමයි දකින්නට ලැබෙන්නේ....හොරා කාළා ගාණක් පොකට් එකට දාගන්න මොලේ තිබුණට කිසිම දෙයක් නිවැරදිව සංවිධානය කරගැනීමට අපොහොසත් ජාතියක් බවට අප පත්වී සිටිනවා. පාලකයින්, පරිපාලකයින්, පුජකයින්, ගුරුවරුන්, පොලිසිය ඇතුළු අනෙකුත් ආයතන තුළ මෝඩයින් රජකරද්දී, මීට වැඩ වැඩි යමක් දකින්න ලැබෙන්නේ නැහැ. මේක මේ අවස්ථාවට පමණක් හදිසියේ ඇති වූ තත්වයක් නොවෙයි. හැමදාමත් මෙහෙම තමයි. එක අතකට, ආයතනයකට පැමිණෙන ජනතාවගේ පෝලිමක් හරිහැටි කළමනාකරණය කරගන්න බැරි ජාතියක් කොහොමද මෙවැනි දෙයක් කරන්නේ. දළදා වහන්සේ ප්‍රදර්ශනයත් සම්ප්‍රදායට අනුව ජනතාව රස්තියාදු කරන පිළිවෙතක්නේ තියෙන්නේ.
දිනපතා නියමිත වේලාවක ප්‍රදර්ශණය කරන්න. ඒ සඳහා සුදුසු මිලකට ටිකට් පතක් නියම කරන්න. මාළිගාවේ ආදායමටත් හොඳයි...
බැතිමතුන් විඳින දුක් කන්දරාව දැක්කාම අපිට යෝජනා කරන්න තියෙන්නේ ගෞරවයෙන් සහ බැති සිතින් ඉවත් වන ලෙසට...
වාර්ෂිකව දළදාව පෙන්වීම වඩා හොඳය. හැඳුනුම්පත් අංක භාවිතයෙන් Online link (මාර්ගගත සබැඳියක් හරහා ) ලියාපදිංචි වීමට ජනතාවට උපදෙස් දිය හැකි අතර එක් පුද්ගලයෙකුට උපරිම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු ලියාපදිංචි කිරීමට අවසර දිය හැකිය. එක් නමකට එක් QR කේතයක් බැගින් එක් දුරකථන අංකයකට QR කේතයක් උපරිම පහක් නිකුත් කළ හැකිය. ලියාපදිංචි කිරීමේදී අවුරුදු 17 ට වැඩි පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් විස්තර ලබා ගත යුතුය. දළදා ප්‍රදර්ශනය කරන විට දිනකට සීමිත පිරිසකට පමණක් ඇතුළුවීමට අවසර දිය හැකිය. අනාගත දළදා ප්‍රදර්ශන සඳහා, හැඳුනුම්පත් විස්තර නිරීක්ෂණය කිරීමෙන්, අවුරුදු 2ක හෝ 3 ක පරතරයකින් නැවත නැරඹීමට අවශ්‍ය පුද්ගලයින්ට අවසර දිය හැකිය.
මහනුවර නගරයට දැරිය හැකි සෙනගක් තියෙනවා. මොන සංවිධායකයාටවත් ආහාර සහ සනීපාරක්ෂක පහසුකම් අසීමිතව සැපයිය නොහැකි බැවින්, දැන් වන්දනාව සඳහා පැමිණෙන සියලු දෙනා නගරයට ඇතුල්වීමට ප්‍රථම නැවත හරවා යැවිය යුතුයි. මේ තත්වයට සංවිධායකයින්ට දොස් පැවරීමේ ඵලක් නැහැ.
මුළු ලංකාවෙම හැම බෞද්ධයෙක්ටම එක වරක් හෝ දළදා වන්දනා කරන්න පුළුවන් අවස්ථාවක් නිර්මාණය කළ හැකියි හොඳ සැලැස්මක් එක්ක වැඩ කළොත්.