(අංජුල මහික වීරරත්න)

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර මංගල්‍යය සහ සතර මහා දේවාලවල වාර්ෂික පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව ජනාධිපතිවරයාට සැළ කිරීමේ සම්ප්‍රදායික උත්සවය මහනුවර ජනාධිපති මන්දිරයේ අද  (12) පස්වරුවේ පැවැත්විණි. 

පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි ශ්‍රී දළදා මාලිගාවෙි දියඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් මහනුවර ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිවරයා  විසින් පිළිගනු ලැබීය.

අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පෙරහර මංගල්‍යය සාර්ථකව කළ බව දැනුම් දෙන  සාම්ප්‍රදායානුකූල සංදේශය ජනාධිපතිවරයාට පිළිගැන්වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ මහනුවර නගරාධිපති කේසර සේනානායක මහත්වරු ද මෙහි සිටිති.