(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)
මේ වසරේ පැවැත්වීමට යෝජනා වී ඇති දළදා දැක්ම අප්‍රේල් මස 18 සිට 27 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන්ගේ එකඟතාවයවය පරිදි මෙම දින නියම කර ඇත.
පළමු දිනයේදී දළදා දැක්ම සවස 3.00 ට ආරම්භ වීමට නියමිත අතර සෙසු දිනවලදී දහවල් 12.30 සිට සවස 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී දළදා මාලිගාවේ පිහිටි ඒ මහතාගේ නිල කාමරයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අද දහවල් ඒ බව ප්‍රකාශයට පත් කළේය.
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දළදා දැක්මට දින නියම වේ
Sediris Sunday, 02 March 2025 04:13 PM
සාධු! සාධු!! සාධු!!! දේවෝ වස්සතු කාලේන, සග්ග සම්පත්ති හේතුච, ඵීතෝ භවතු ලොකෝ ච, රාජා භවතු ධම්මිකෝ.
Nissanka Sunday, 02 March 2025 04:17 PM
උතුම් දළඳා වහන්සේගේ සරණින් අපේ රටට ජයම වේවා, බුදු සසුන සිරිලක් දිව බොහෝ කල් පවතීවා...!
Wijesekara Sunday, 02 March 2025 04:25 PM
කල්ප ගණනකින් ලොව පහළ වන, අති දුර්ලභ උත්තරීතරම මනුෂ්‍ය රත්නය වූ, බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට සියලු දෙනාට හැකියාව ලැබෙත්වා. මේ අවස්ථාව සලසා දුන් අති පූජනීය මල්වතු අස්ගිරි මහනායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයටත්, ගරු ජනාධිපතිතුමන්ටත්, දියවඩන නිලමේ තුමන් ප්‍රමුඛ මාලිගාවේ කාර්ය මණ්ඩලයටත් අපගේ ගෞරවනීය ස්තූතිය...!
Sanath Sunday, 02 March 2025 05:36 PM
මාත් දළදා වහන්සේ අතේ දුරින් දැකලා තියෙනවා. හැමෝටම උන්වහන්සේ දැකගැනීමට අවස්ථාව ලැබෙනවා නම් ගොඩක් හොඳයි...!
මැක්ස් Sunday, 02 March 2025 06:27 PM
දළදා වහන්සේට නිග්‍රහ කළ, උසුළු විසිළු කළ පාපිෂ්ටයන්ගෙන් සැදුම් ලත් මාලිමාන්ඩුවට, පළාත් පාලන ඡන්දය කට ළඟ තියා ගෙන හෝ දළදා හාමුදුරුවන්ගේ වටිනාකම කපටිකමට හෝ මතක් වීමත්, දුෂ්ටයාගේ අවසන් නවාතැන ආගමයි කියූ ජනාධිපතිටම දළදා පෙරහරක් පවත්වමුයි යෝජනා කරන්නට වීමත් දෛවයේ සරදමක් විනා වෙන කුමක්ද?
AB Sunday, 02 March 2025 07:40 PM
මේ වසරේ පැවැත්වීමට යෝජනා වී ඇති දළදා දැක්ම අප්‍රේල් මස 18 සිට 27 වැනි දින දක්වා දින 10 පැවැත්වීමට නියමිතයි. දළදා දැක්ම දින 10 පැවැත්තුවද පැය 47.5කි සම්පුර්ණ දින 2කි.
හෙමන්ත සිල්චා Monday, 03 March 2025 02:14 AM
රෙද්දේ බේරෙනකොට දළඳා කරඬුව මතක් වෙලා….. බුද්දාගමට වෛර කරන ඩයස්පෝරා, බෝන් අගේන්. ජුලී චන්ග්. මෑල්කම් රන්ජිත්. උන් ඔක්කොම එක්ක එකතුවෙලා ඩීල් දාලා බුද්දාගම නෑති කරන්න…. පච රෑල….
ලුම්බිණි Monday, 03 March 2025 04:51 AM
රනිලුත් ජනාධිපති වුණ ගමන් විශේෂ දළදා පෙරහරක් කළා මතකයි .
රනේ Monday, 03 March 2025 10:48 AM
රට මේ තරමටවත් රැකිල තායෙන්නෙ දළඳා වහන්සේ නිසා.. සාදූ.. සාදූ.. සාදූ..!!!
jpc Monday, 03 March 2025 06:05 PM
සැමට දළදා සමිදු පිහිටයි. සාදු සාදු සාදු