
(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)
මේ වසරේ පැවැත්වීමට යෝජනා වී ඇති දළදා දැක්ම අප්‍රේල් මස 18 සිට 27 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන්ගේ එකඟතාවයවය පරිදි මෙම දින නියම කර ඇත.
පළමු දිනයේදී දළදා දැක්ම සවස 3.00 ට ආරම්භ වීමට නියමිත අතර සෙසු දිනවලදී දහවල් 12.30 සිට සවස 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී දළදා මාලිගාවේ පිහිටි ඒ මහතාගේ නිල කාමරයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අද දහවල් ඒ බව ප්‍රකාශයට පත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු! සාධු!! සාධු!!! දේවෝ වස්සතු කාලේන, සග්ග සම්පත්ති හේතුච, ඵීතෝ භවතු ලොකෝ ච, රාජා භවතු ධම්මිකෝ.
උතුම් දළඳා වහන්සේගේ සරණින් අපේ රටට ජයම වේවා, බුදු සසුන සිරිලක් දිව බොහෝ කල් පවතීවා...!
කල්ප ගණනකින් ලොව පහළ වන, අති දුර්ලභ උත්තරීතරම මනුෂ්‍ය රත්නය වූ, බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට සියලු දෙනාට හැකියාව ලැබෙත්වා. මේ අවස්ථාව සලසා දුන් අති පූජනීය මල්වතු අස්ගිරි මහනායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයටත්, ගරු ජනාධිපතිතුමන්ටත්, දියවඩන නිලමේ තුමන් ප්‍රමුඛ මාලිගාවේ කාර්ය මණ්ඩලයටත් අපගේ ගෞරවනීය ස්තූතිය...!
මාත් දළදා වහන්සේ අතේ දුරින් දැකලා තියෙනවා. හැමෝටම උන්වහන්සේ දැකගැනීමට අවස්ථාව ලැබෙනවා නම් ගොඩක් හොඳයි...!
දළදා වහන්සේට නිග්‍රහ කළ, උසුළු විසිළු කළ පාපිෂ්ටයන්ගෙන් සැදුම් ලත් මාලිමාන්ඩුවට, පළාත් පාලන ඡන්දය කට ළඟ තියා ගෙන හෝ දළදා හාමුදුරුවන්ගේ වටිනාකම කපටිකමට හෝ මතක් වීමත්, දුෂ්ටයාගේ අවසන් නවාතැන ආගමයි කියූ ජනාධිපතිටම දළදා පෙරහරක් පවත්වමුයි යෝජනා කරන්නට වීමත් දෛවයේ සරදමක් විනා වෙන කුමක්ද?
මේ වසරේ පැවැත්වීමට යෝජනා වී ඇති දළදා දැක්ම අප්‍රේල් මස 18 සිට 27 වැනි දින දක්වා දින 10 පැවැත්වීමට නියමිතයි. දළදා දැක්ම දින 10 පැවැත්තුවද පැය 47.5කි සම්පුර්ණ දින 2කි.
රෙද්දේ බේරෙනකොට දළඳා කරඬුව මතක් වෙලා….. බුද්දාගමට වෛර කරන ඩයස්පෝරා, බෝන් අගේන්. ජුලී චන්ග්. මෑල්කම් රන්ජිත්. උන් ඔක්කොම එක්ක එකතුවෙලා ඩීල් දාලා බුද්දාගම නෑති කරන්න…. පච රෑල….
රනිලුත් ජනාධිපති වුණ ගමන් විශේෂ දළදා පෙරහරක් කළා මතකයි .
රට මේ තරමටවත් රැකිල තායෙන්නෙ දළඳා වහන්සේ නිසා.. සාදූ.. සාදූ.. සාදූ..!!!
සැමට දළදා සමිදු පිහිටයි. සාදු සාදු සාදු