
(දයාරත්න ඇඹෝගම , චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය සහ සමන්.කේ.ගමගේ)
නෙකුටුණුවැව ප්‍රදේශයේ වගා භුමියක් වටා ඉදිකරන ලද අනවසර විදුලි වැටක ගැටි ඇතකු මිය යාමේ සිද්ධියකට එම වගා භුමියේ හිමිකරුවා අත්අඩංගුවට ගත්බව වනජිවි දෙපාර්තමේන්තුවේ කහටගස්දිගිලිය අඩවි සහකාර එම්.ඒ.කේ.එස්.දිසානායක මහතා පැවසිය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය පොලිස් වසමේ සිප්පුකුලම,නෙකුටුණුවැව පදිංචි 56 හැවිරිදි ගොවියෙකි.
අත්අඩංගුවට ගනු ලැබු මෙම පුද්ගලයාට අයත් නෙකුටුණුවැව වැව් ඉස්මත්ත ආසන්නයේ පිහිටි වගා භුමිය ආසන්නයේ ඇතකු මිය ගොස් ඇති බවට වනජිවි දෙපාර්තමේන්තුවේ කහටගස්දිගිලිය බිට්ටු කාර්යාලයට ලද තොරතුරක් මත සිදුකළ පරික්ෂණයේදි මිය ගොස් සිටි ඇතාගේ සිරුර සොයා ගෙන තිබුණි.
අවුරුදු 18 ක් පමණ වයසැති මෙම ඇතා අඩි 08 ක් පමණ උසින් යුක්තය.දළ යුගල අඩි 02 යි අඩි 04 කින් දිගය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවියා අත් අඩංගුවට ගත්තම ඒ මිනිහගේ දරු පවුල රකින්නේ පොලිසියද?
මේකනම් හරිම අපරාධයක් .වනසතුන්ට අයිති පෙදෙස්වලට ගිහිල්ලා වගා කරනවා මදිවට උන්ගේ ජීවිතවලට හානිත් සිදු කරනවා