(අංජුල මහික වීරරත්න)
මෙම වසරේ ඉදිරි මාස පහ සඳහා දෙහිවල සතුන්වත්තේ සිටින සතුන්ට ආහාර සැපයීමට රුපියල් මිලියන 20ක මුදලක් ලබා දීමට මහා භාණ්ඩාගාරය එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය නිසා දෙහිවල සත්වොද්‍යානයේ සතුන්ට ආහාර සැපයීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදනවල හිඟයක් මතුව තිබිණි .
නඩු භාණ්ඩ ලෙස සත්වෝද්‍යානයට යොමු කර සිටින අලි විශාල ප්‍රමාණයක් නඩත්තු කිරීමේ වගකීම ද අධිකරණය විසින් දෙහිවල සත්වොද්‍යානය වෙත පවරා තිබු බැවින් වාර්ෂිකව රුපියල් ලක්ෂ 450ක් පමණ ඒ සඳහා වැය කිරීමට සිදු වු බව අනාවරණය විය.
මේ නිසා දෙහිවල සතුන්වත්තේ සිටින සතුන්හට ආහාර සැපයීමට වෙන් කළ මුදල් අවසන් වෙමින් පැවැති අතරම දේශීය හා විදේශීය නරඹන්නන් ප්‍රමාණය අඩුවීම නිසා දෛනික ආදායමේ ද යම් අඩාලවීමක් සිදුවී තිබූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ සම්බන්ධව අවධානය යොමු කරමින් කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා 2022 වසරේ ඉදිරි මාස 05 සඳහා සතුන්ට අවශ්‍ය ආහාර සැපයීමට මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කරනු ලැබීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දෙහිවල ’’යාලුවන්ට’’ සුබ ආරංචියක්
Hafeel Sunday, 26 June 2022 03:27 PM
උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ට මේ අලිටික නඩත්තු කරන්න එතරම් බරක් නැහැ...
dasa Sunday, 26 June 2022 03:52 PM
මෙයාවත් සූ එක ඇතුළට තල්ලු කළා නම් ලොකු දෙයක්...