
(එච්. එම්. ධර්මපාල සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල දුම්රියපොළ පාර පිහිටි පොදු වෙළඳ සංකීර්ණය අද (22) දහවල් වසා දැමීමට කටයුතු කර ඇතැයි සෞඛ්‍ය ප්‍රකාශකයෙක් පැවසීය.
කෝවිඩ් ආසාධිතයකු පෑලියගොඩ මාළු වෙළඳපොළින් දෙහිවල පොදු වෙළඳ සංකීර්ණයට මාළු රැගෙන ඒම හේතුවෙන් දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීහු හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම පියවර ගත්හ.
පසුගියදා එම වෙළඳපොළ සේවකයින් පිරිසක් සමග මෙම පුද්ගලයාද පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමුකරනු ලැබ තිබූ අතර, එහිදී ඔහුට කෝවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව හෙළි වී තිබේ.
ඔහු පැමිණි දෙහිවල පොදු වෙළඳපොළ සංකීර්ණයේ වෙළඳසැල් සියල්ල වසා දැමීමට කටයුතු කරනු ලැබ ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසාදමන දෙයක් පෙන්නන්නේ නැහැ.. බොහෝමයක් ජනේල දොරපියන් කෑඩීගොස් තියෙන්නේ. මෙවා නඩත්තු කරන්න බැරි නම් ප්‍රාදේශීය සභාද වසාදැමිය යුතු වෙනවා.