
(යොහාන් භාසුර)
මෙවර වෙසක් උත්සවයට සමගාමීව දහම් පාසල් අධ්‍යාපන අනිවාර්ය කිරීමට බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
එම යෝජනාව ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම යෝජනාවට කැබිනට් මණ්ඩලයෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යයේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේ නම් අනිවාර්යෙන්ම කලයුතුම වැඩක්. විභාග පාස් කරන්න විතරක් උගන්නන අධ්‍යාපනය රටාවකින් ගුණ යහපත් පුරවැසියන් බිහිකරන්න බෑ. දැන් රටේ සිදුවෙන දේවල් දිහා බැලුවම අපි ඉන්නේ කොහේද කියලා හිතෙනවා. දැන් ඉන්න පරම්පරාව දෙමව්පියෝ, ගරුවරු, වැඩිහිටියෝ ගැන කිසිම ගරුකිරීමක් නෑ.පොඩි ප්‍රස්නයකදී උනත් තමන්ගේ මව්පියන්ට, ගුරුවරුන්ට ගහල මරන තත්වයට දැන් ළමයි පත්වෙලා. ඒ ගැන අවවාද අනුශාසනා කරලා ඒ පිරිස් යහමගට ගන්න ඉන්න පිරිස ඊට එහා. විශ්වවිද්‍යාල වල ඉන්න උගත් යයි සම්මත ස්වාමින්වහන්සේලා, ළමයි ගේ පහත් හැසිරීම ගැන හැමෝටම දකින්න ලැබෙනවා. විදුර වික්‍රමනායක මැතිතුමා කරන්න යන මේ වැඩේට බොහෝ පිරිස් අකමැති වෙයි. විසේශයෙන් පුද්ගලික පන්ති කරන tution ගුරුවරු. ඒ අයගේ ළමයිටත් වටිනවා මේ දහම් අධ්‍යාපනය. නැත්නම් ඒ ගුරුවරුන්ටත් අවසාන කාලේ ගෙවන්න වෙන්නේ වැඩිහිටි නිවාසෙක තමයි.රටත් ජාතියටත් වැඩදාය මේ යෝජනාවට සැමගේ සහයෝගය ලැබේවා. දහම් අධ්‍යාපනයේ වටිනාකමක් නොදන්නා එලොවටත්, මෙලොවටත් නැති පිරිස් අකමැත්ත ප්‍රකාශ කරයි......
දරුවන්ව දහම්පාසල් යැව්වෙ නැතිනම් දෙමාපියන්ව හිරේ යවනවද ?
Learning any religion is a right of any person. But it should not be made compulsory in Education. No one should be forced to believe in anything. I don't believe in Creation or rebirth!
ආගමෙන් මිනිස්සු ඈත් කරවන වැඩක්. ආගම කියන්නෙ කැමැත්තක් ඒකට බැඳෙන්නත් ඉවත්වෙන්නත් පුලුවන් මේ ඒකට උඩගෙඩි දීමක්.
මීට වඩා අනිවාර්ය කලයුතු දේවල් නැද්ද?
දෙමව්පියන් ගේ වගකීමකි. බලෙන් කිරීමට නොහැක. ඇතැම් විට ප්‍රශ්න ඇතිවිය හැක. එවිට ඇමැති වග කියන්නේ නැත. බාලාංශයේ සිට සා පෙළ දක්වා ද ආගම උගන්වයි.
අනිවාර්ය කරන්න පුලුවන්. ඒත් දහම් අධ්‍යාපනය ලැබුවාද කියලා මනින්නේ කොහොම ද? ඒ වාගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා පුද්ගලයකෙුට යම් ආගමක් නො අදහා ඉන්න නිදහස තියෙනවා.