(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායකයා ලෙස කටයුතු කළ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක එළඹෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට නායකත්යෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වේ.
දසුන් ශානක අද (20) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය වෙත කැඳවා සාකච්ඡා කළ බවත් එහිදී දසුන් නායකත්වයෙන් ඉවත්වීමට කැමැත්ත පලකළ බවත් වාර්තා වේ.
ශ්රී ලංකා එක්දින කණ්ඩායමට නව නායකයෙක් අද පස්වරුවේ පත්කිරීමට නියමිත බව ද වැඩි දුරටත් දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකත්වයෙන් පමණක් මදි... කණ්ඩායමෙනුත් ඉවත් කරන්න.
දසුන් ශානක කවුරුවත් යන්න කියනකන් ඉන්නේ නැතිව ඉවත්වෙලා, නැවත හොඳට පුහුණු වෙලා සුපුරුදු රිද්මයට ආවට පස්සේ අවස්ථාවක් ලැබුණු විටක සංචිතයට එකතු වෙන්න පුළුවන් වෙයි.
කණ්ඩායමෙනුත් ඉවත් කරන්න දක්ෂ ක්‍රීඩකයෝ ඕනෑ තරම් ඉන්නවා.
දසුන්ට නැවත පුරුදු රිද්මයට එන්න කාලයක් දෙන්න ඕනේ.., ඒ නිසා නායකත්වයේ බර අයින් කරපු එක හොඳයි.
ඔය ලෙඩ්ඩු දාලා ආයෙත් අනාගන්නද හදන්නේ? හැබැයි, ලෝක කුසලානයට ගිහින් ඇනගෙන මෙහෙ එනවා එහෙම නොවෙයි, අනිවාර්යයෙන්ම කට්ටිය කනවා මදි නොකියන්නම. ඔය ඔක්කෝටම කලින් මැච් ෆික්සින්වලට මොවුන් සම්බන්ධද කියලා හොයන්න ඕනෑ.
ලෙඩා මළත් බඩ සුද්දයි...
දසුන්ගේ නායකත්වය අර්බුදකාරි අවස්ථාවක ඉතා හොඳින් ගැලපුණා. තව ටිකක් ඉවසුවා නම් මේ අවස්ථාවේ හැටියට වඩාත් සුදුසුයි.
කෙහෙළිය රඹුක්වැල්ල මේකේ දක්ක දේ ?
ධනංජය දි සිල්වා තමයි ඉතින්
මෙයාව ඉන්දියාවට පා කර යවන්න...
දසුන් තනතුරට නුසුදුසු වුණත් ලෝක කුසලානයට දින 16ක් තිබියදී, මේ ආකාරයෙන් ඉවත් කිරීම, තේරීම් කමිටුවේ නොහැකියාව පෙන්නුම් කරනවා.