
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නීතීඥවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වාහන වල අලවා ඇති ස්ටිකර් ඉවත් කිරීමේ කිසිම තීරණයක් රජය විසින් ගෙන නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
වෛද්‍යවරුන් එවැනි ස්ටිකර් ගසා ගෙන සිටීම රෝහල් වලට පිවිසීමේදී පහසුවක් බැවින් එවැනි කිසිම ලාංඡනයක් ඉවත් කරන්න රජය බලාපොරොත්තු වන්නේ නැතැයි නලින්ද ජයතිස්ස මහතා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ වෛද්‍යවරුන්ගේ වාහන ස්ටිකර් ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව කියලා ගිණි තියපු එකාගේ වාහනේ රත්තරං පාට ස්ටිකර් එකක් ගහමු !
මේක පැහැදිලිවම අදිමානසිකත්වයක්. වින්ඩ්ස්ක්‍රීන් එකේ තමන්ගෙ වෘර්තිය ගහගෙන යන්නෙ එක්තරා ලෙඩ්ඩු කොටසක්.තමන්ගෙ වෘර්තියට මිනිස්සුගෙ අනවශ්‍ය ගෞරවයක් ප්‍රමුඛත්වයක් මේ මිනිස්සු බලාපොරොත්තු වෙනව.මම යුරෝපයේ රටවල් ගනනාවකට ගිහින් තියනව.ඕස්ට්‍රේලියාවේ මම වසරකට දෙවරක්ම යනව මගෙ අම්ම මල්ලි එහේ නිසා.එහේ දොස්තරලා මෙහෙම ලෙඩ්ඩු නෙවෙයි.කොගෙවත් Dr.බෝඩ් ගහගෙන නෑ.තමන්ගෙ තැන තියෙන්න් නම විතරයි ,DR නෑ . ඩොක්ටර් ට කතා කරන්නෙත් නම කියල. අපේ මිනිස්සුන්ට තමයි මේ මානසික රෝගය තියෙන්නෙ
දොස්තරලටත් ලොකු කැහිල්ලක් පහුගිය චන්දෙදි තිබුනනේ . තීරුබදු සහිත වාහන ගන්න , බදු අඩුකරගන්න වගේ ආත්මාර්ථකාමී බලාපොරොත්තු ඇතිව පුනරුද ආණ්ඩුව පත්කරගන්න දැඟලුවට මෙයාලට හොඳ පාඩමක් මේක .
ඇති යන්තම් අභිමානයට ප්‍රශ්නයක් නෑ
ඉස්කෝලේ ලඟ, කෑම කඩවල් ලඟත් මෙයාලා හඳුනාගත යුත්තේ ?
ආණ්ඩුව පත්වී අවුරුද්දක් ගිහින්, එත් මේ ඇමතිලා කතා කරන්නේ මහජන ප්‍රශ්න නොවේ සිල්ලර දේවල්. රටේ උග්‍ර බෙහෙත් හිඟයක් තිබෙනවා. කෝ ඒවාට විසඳුම්?