IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දොස්තරලා 957 කට රස්සාව එපා වෙලා

(සුජිත් හේවාජුලිගේ සහ   අංජුල මහික වීරරත්න)

වෛද්‍යවරුන් 957 දෙනකු වසරකදී ( 2022.8.30 සිට  මේ වසරේ අගෝස්තු 30 දක්වා)  සේවයෙන්  ඉවත්ව ගොස් ඇතැයි  වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්  වෛද්‍ය ජී. විජේසුරිය මහතා  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී  ( කෝපා කමිටුව)පැවසීය.

මේ පිරිසට කිසිදු දැනුම් දීමකින් තොරව සේවය අතහැර ගොස්  ඇති 197 දෙනකු ඇතුළත් වන බව පැවසූ  වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට අමතරව වෛද්‍යවරුන් 163 දෙනකු සේවයෙන් ඉල්ලා අස්වී  ඇති බවද  ප්‍රකාශ කළේය.

සේවය අතහැර ගොස් සිටින  197  දෙනාගෙන් මුදල් අය කර ගැනීමට කටයුතු කරගෙන යන බවද  ඔහු කිවේය.

වසර 5ක නිවාඩු ලබා විදේශගතව සිටින 526 දෙනකුද මේ පිරිසට ඇතුළත් වන  බවත්  කුමන ගැටලු තිබුණත් රජයේ චක්‍රලේඛ සහ ආයතන සංග්‍රහය අනුව ඒ අයට එම නිවාඩු දීමට සිදුව ඇති බවත් විජේසූරිය මහතා පැවසීය.

සෞඛ්‍ය සේවයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යෑමට මේ හේතුවෙන් ගැටලු  මතුව ඇතැයි පැවසූ විජේසූරිය මහතා වෛද්‍යවරුන් 71 දෙනෙකු මේ  වසරේදී විශ්‍රාම ගොස් ඇතැයිද   සඳහන් කළේය.

නිර්වින්දන වෛද්‍යවරුන් සහ හදිසි ප්‍රතිකාර සේවාවල වෛද්‍යවරුන් හිගයක්  පවතින බව පැවසු විජේසූරිය මහතා සමහර ප්‍රාථමික  ඒකකවල සිටින්නේ එක වෛද්‍යවරයකු පමණක් බවද සඳහන් කළේය.

මේ තත්වය තුළ ඇතැම් ප්‍රතිකාර ඒකකවල පැය 24 පුරා සේවය පවත්වාගෙන යෑමේ  ගැටලුවක් මතුව ඇතැයිද  ඔහු අවධාරණය කළේය.

 



අදහස් (7)

දොස්තරලා 957 කට රස්සාව එපා වෙලා

සිල්වා Monday, 25 September 2023 09:48 AM

ආයුර්වේද වෙදකම දියුණු කළයුතුයි.

:       13       4

fairoosMonday, 25 September 2023 12:12 PM

ධම්මික පැණිය ගෙනාව වගේද ?

:       2       1

Bamunuarachchi Monday, 25 September 2023 10:50 PM

මෙයා මොනාද දම්මික පැනිය ගැන දන්නේ?

:       0       0

Rawana Monday, 25 September 2023 01:37 PM

ජිල් ගහන්නද?

:       4       1

pakeer Monday, 25 September 2023 04:09 PM

මෙයට විසඳුම වනුයේ... ජනතාවට විශ්වාස කළ හැකි., තිරසාර ආර්ථිකයක් නැංවීමෙන් පමණි. එය හීනයකි...

:       0       1

Bamunuarachchi Monday, 25 September 2023 07:04 PM

ජනතාව ගේ මුදලින් ඉගැන්නුවා නම් රජයෙන් රැකියාව දුන්නා නම් පුද්ගලික සේවයේ යෙදෙන්න රජය අවසර දුන්නානම්. විශ්‍රාම යනතුරු හෝ නියමිත කාලයක් සේවය කරනතුරු MBBS සහතිකය දෙන්න එපා. ඒ වගේම පිටරටක ආයතනය කින් මේ දොස්තර ගැන විමසු විට ධනාත්මක පිළිතුරක් දෙන්න එපා. සේවයෙන් පැන ආ විශ්වාසය කඩකළ පුද්ගලයෙක් හැටියට හඳුන්වා දෙන්න. සේවයෙන් පැනගිය එකාට වුණත් සෞඛ්‍ය ලොක්කා හොඳ නිර්දේශයක්‌ දෙනවා. ඔවුන් ඔක්කෝම යාළුවෝ මල්ලී...!

:       0       3

Bunny Preena Wednesday, 27 September 2023 01:56 PM

අනෙත් වෘර්තිකයින්ට වගේම දොස්තරවරුන්ටත් තමන්ට කැමති රටකට යන්න තියන අයිතියට අපි ගරු කල යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site