IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දිස්ත්‍රික්ක තුනකට පොහොර ඉල්ලමක් පෑදෙයි

(අංජුල මහික වීරරත්න)

කුරුණෑගල, මාතලේ සහ මොණරාගල දිස්ත්‍රික්කවල එලවළු වගා කරන අඩු ආදායම්ලාභී පවුල්වල ගොවීන් 3476කට නොමිලයේ යුරියා, මඩ‌ පොහොර හා බණ්ඩි පොහොර ලබා දීමට කටාර් චැරිටී ආයතනය ඉදිරිපත් වී සිටී.

මෙරට ආහාර සුරක්ෂිතතාවය සැලකිල්ලට ගෙන මෙම පරිත්‍යාගය කර ඇති අතර  කුරුණෑගල එළවළු  ගොවීන් 1476ක්, මාතලේ ගොවීන් 1000ක් හා මොණරාගල ගොවීන් 1000කට එළවළු වගාව සඳහා මෙම පොහොර නොමිලයේ ලබා දීමට නියමිතය.

මේ යටතේ ගොවියෙකුට යූරියා,මඩ පොහොර හා බන්ඩි පොහොර කිලෝ ග්‍රෑම් 25ක මිටියක් බැගින් ලබාදීමට නියමිතය.

මෙම පොහොර  තොගය නිල වශයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට බාර දී ඇති අතර  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්,  කටාර් චැරිටි ආයතනයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ  මොහම්මඩ් එස්. එම්. අබුකලිෆ් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ. 

 



අදහස් (1)

දිස්ත්‍රික්ක තුනකට පොහොර ඉල්ලමක් පෑදෙයි

Dissanayake Mudiyanse Monday, 05 August 2024 04:07 PM

දැන් තමයි නිකං දෙන්නේ, ඕක දීලා ඊළඟ වසර 5ත් මේ රටේ අන්තිම ලේ බිංදුවත් ඌරා බොන්නයි ලෑස්ති වන්නේ. කාලකන්නි. මේපාර ඔක්කෝම හැඳි ගෑවිලා යනවා...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site