(මොහොමඩ් ආසික්)
නිරිත දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් රට තුල පවතින අයහපත් කාලගුණ තත්වය නිසා දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 41 කට නාය යෑමේ අවදානමක් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.
කොළඹ, කළුතර, මහනුවර කෑගල්ල කුරුණෑගල මාතලේ නුවරඑළිය, සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 41 කට මෙසේ නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති අතර එයින් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 කට රතු නිවේදෙන නිකුත් කරනු ලැබ තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, කෑගල්ල රුවන්වැල්ල, යටියන්තොට බුලත්කොහුපිටිය, සහ මාවනැල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ කලවාන යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා රතු නිවේදන නිකුත් කරනු ලැබ තිබේ.
මෙයට අමතවර තවත් දිස්ත්‍රික් හයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස විස්කට දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවිම සිදු කරනු ලැබ තබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd