(රංජන් කස්තුරි)
කොළඹ ඇතුළු දිස්ත්රික්ක 7ක ඩෙංගු උණ රෝගය තදින් පැතිරයාමේ අවදානමක් හටගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්රික්කවලට මෙම අවදානම හටගෙන ඇතැයිද එම ඒකකය පවසයි.
වසරේ ගෙවී ගිය කාලය තුළ 45,000කට ආසන්න රෝගීන් ප්රමාණයක් හමුවී ඇති අතර මරණ 70ක් වාර්තා වී තිබෙන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි.
කොළඹ නගරයේ ස්ථාන බොහොමයක මදුරුවන් බෝවිය හැකි ස්ථාන පවතින බවද අනාවරණය වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ජාතික වගේම ගෝලීය ප්රශ්නයක්. හැම වසර තුනකට වරක්ම මේක රැල්ලක් වගේ නැගෙනවා. මේ දවස්වල සිංගප්පූරුව වගේම පිලිපීනෙත් මේ ප්රශ්නේ තිබෙනවා (පිලිපීනෙ ඩෙන් වැක්ෂියා ඩෙංගු එන්නතත් භාවිතා කළ රටක්). නමුත් මේ රටේ මේ සම්බන්ධව ජාතික අවධානය බින්දුවයි. මිනිස්සුත් මේ ගැන දන්නේ නැහැ. හුඟක් මිනිස්සුන්ට දැනගන්න ඕනත් නැහැ. අසරණ රෝගීන් නිකම්ම මැරෙනවා මේක කියවන අයවත් දැනගන්න දැන් නිකම් වුණත් හැදුනත් හිතාගන්න ඩෙංගු කියලා. එහෙම හිතලා පැපොල් කොළ ඉස්ම බොන්න. ඔය ඩෙංගු සුවකරනවා කියලා සද්දේ දමන අය ලඟට ගිහින් ජීවිතේ නැති කර නොගෙන ලඟම තියන රජයේ රෝහලට යන්න. ඒ අය ඉතිරිහරිය බලාගනීවි මම රජයේ රෝහලක් කියන එක අවධාරණය කලේ මේ රටේ හොර වෙද්දු වැහි වැහැලා අනික සමහර සුදුසුකම් ලත් පුද්ගලික දොස්තරලට මේ ඩෙංගු ගැන තියන අත්දැකීම් අඩුයි.