(ශාන්ත චන්ද්‍රසිරි)
පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිතුක් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, ඇල්පිටිය, නාගොඩ, නෙළුව, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, හොරණ, ඉංගිරිය, බුලත්සිංහල, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඹ්විට, දැරණියගල, වරකාපොල, බුලත්කොහුපිටිය, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, රත්නපුර, ඇලපාත, කුරුවිට, ඇහැලියගොඩ, නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානයෙන් සිටින ලෙස දැනුම්දීමේ අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදන නිකුත් කර ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, පාලින්දනුවර, අගලවත්ත, දොඩංගොඩ, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, කෑගල්ල, මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල හා අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත්ව සිටින ලෙස දැනුම්දීමේ අනතුරු ඇඟවීමේ කහ නිවේදනය නිතුක් කර තිබේ.
හෙට (18) පස්වරු 4.00 දක්වා මෙම නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයන් වලංගු බවත්, එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටියි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.