(නාලක සංජීව දහනායක)   
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු සාර්ථකව සිදුනොවන බවට හඳුනාගෙන තිබෙන දිස්ත‍්‍රික්ක කිහිපයක සම්බන්ධීකරණ කටයුතු සඳහා වෙනත් දිස්ත‍්‍රික්ක නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

ඒ අනුව බදුල්ල දිස්ත‍්‍රික්කය සඳහා ප‍්‍රසන්න රණතුංග, යාපනය දිස්ත‍්‍රික්කය සඳහා සනත් නිශාන්ත, මන්නාරම දිස්ත‍්‍රික්කය සඳහා නිමල් ලංසා සහ කිලිනොච්චිය දිස්ත‍්‍රික්කය සඳහා මහින්දානන්ද අලුත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පත්කර ඇත.

එම සියලුම දිස්ත‍්‍රික්කවල අධීක්‍ෂණ කටයුතු සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පත්කර ඇත.

එමෙන්ම විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ සහ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ සහභාගී වන ජනරැළියක් දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාසයකම සංවිධානය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (18) රාත්‍රියේ පැවැති එම පෙරමුණේ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණ ගෙන ඇත