IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දිස්ත්‍රික්ක 10කට නාය යාමේ අනතුරු ඇඟවීම්

(මොහොමඩ් ආසික්)

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන්  දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 76 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද( 04 ) පස්වරුවේ නිකුත් කර තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනය සහ පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, නියාගම,ඇල්පිටිය, නාගොඩ, නෙළුව සහ  තවලම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන සහ ඕකේවෙල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ   නිවේදනයද, වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර මදුරාවල සහ බේරුවල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද, අගලවත්ත වලල්ලාවිට, දොඩංගොඩ  සහ හොරණ යන ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර අති අතර බුලත්සිංහල, මතුගම,පාලින්ද නුවර සහ ඉංගිරිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා තුන් වන මට්ටමේ රතු නිවේදනයද නිකුත් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය, ගඟඉහළ කෝරළය, උඩුනුවර, යටිනුවර, සහ ගඟ වට කෝරළය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද උඩපළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා  දෙවන මට්ටමේ  නිවේදනයද නිකුත් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රඹුක්කන, අරණායක, මාවනැල්ල,කෑගල්ල,  සහ ගලිගමුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද දැරණියගල,දෙහිඕවිට,වරකාපොළ, රුවන්වැල්ල, සහ යටියන්තොට යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ  නිවේදනයද නිකුත් කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව සහ නාරම්මල යන ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් තර තිබේ

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස,මාතර,මාතර නගරය සහ කඩවත්සතර,දෙවිනුවර, කඹුරුපිටිය, පස්ගොඩ, වැලිගම, මාලිම්බඩ, දික්වැල්ල,හක්මන,තිහගොඩ,වැලිපිටිය, අතුරලිය සහ කිරින්ද පුහුල්වැල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සදහා පළමු මට්ටමේ නිවේදනයද මුලටියන පිටබැද්දර,සහ කොටපොළ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත , වැලිගෙපොළ, ගොඩකවෙල,  සහ කොලොන්න  යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සදහා පළමු මට්ටමේ නිවේදනයද,ඕපනායක, බලංගොඩ,  සහ ඉඹුල්පේ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද ඇල්පිටිය, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැලියගොඩ, රත්නපුර, නිවිතිගල, කිරිඇල්ල, සහ කලවාන යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සදහා තුන් වන මට්ටමේ රතු නිවේදනයද නිකුත් කර තිබේ.

අද (04) පස්වරුවේ නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට 05 වනදා පස්වරු හතර දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.

 



අදහස් (0)

දිස්ත්‍රික්ක 10කට නාය යාමේ අනතුරු ඇඟවීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site