(යොහාන් භාසුර)
සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ආගමන හා විගමන උප කාර්යාල වාහාම ස්ථාපිත කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.
ආගමන හා විගමන උප කාර්යාල පිහිටුවීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඉඩකඩ පිළිබදව මේ වන විට කටයුතු කරමින් සිටින බව කී එම නිලධාරියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සිට මාර්ගගත ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට මේ වන විටත් කටයුතු සම්පාදනය කර ඇති බව ද සඳහන් කළේය.
මීට අමතරව තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල කීපයක ද ආගමන හා විගමන උප කාර්යාල පිහිටුවීමට ද තීරණය කර ඇති බවත් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ පවතින තදබදය අඩු කිරීම මෙම උප කාර්යාලවල පිහිටුවීමේ අරමුණ බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට පාස්පෝට් උප කාර්යාලයක් ලබාදීම කාලෝචිත ක්‍රියාවක්... බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ පවතින තදබදය අඩු කිරීම නොව මෙම උප කාර්යාලවල පිහිටුවීමේ අරමුණ වියයුතු වනුයේ ජනතාවට පහසුවෙන් ඔවුන් පදිංචි ප්‍රදේශයෙන් ඔවුන්ගේ සේවා ලබාගැනීම අවස්ථාව සලසා දීමවේ...
එතකොට බත්තරමුල්ලේ පිළිවෙලට කරපු දේ ප්‍රාදේශීය ජරාපප්පලා අතට යන්න ඉඩකඩ අහුරන්න ඕනෑ. ආරංචි විදිහට දැනටම ප්‍රාදේශීය කාර්යාලයක ජරාව කන්න පටන් ගත්තා කියලා තිබුණා...
දිස්ත්‍රික්කවල ජනගහනය අනුව, ඒ වගේම මොන දිස්ත්‍රික්කයද වැඩිම විදේශ සංක්‍රමිකයින් ඉන්නේ, දිස්ත්‍රික්කවලට මුල්තැන දිය යුතුයි. ගාල්ලට නොදී දේශපාලකයින් හයියෙන් රජයේ කාර්යාල හම්බන්තොට සහ මාතරට ගෙනගියා. ජනගහනය අතින් මාතර සහ හම්බන්තොට දෙකම එකතු බැලුවත් ගාලු දිස්ත්‍රික්කයේ ජනගහනය වැඩියි. ගාල්ල ලේකම් කාර්යාලය ගැන සලකා බලිය යුතුයි...!